Monday, June 7, 2010

අපි නිර්මාණශීලී වෙමු

      ජංජාල චාමරට මේ දවස්වල හෝ ගාල විද්‍යුත් තැපැල් පණිවුඩ එනවා යාළුවන්ගෙන්.ඔය අතරේ මට ඊයෙත් හම්බුණා සිරා පින්තූර වගයක්.මේක හුඟක් අය දැකලා ඇති, ඒත් මට හිතුනා මේ පින්තූර ටික බ්ලොග් එකට දාන්න ඕනි කියලා.ඒ නිසා මම තව ටිකක් ජංජාලේ සැරිසරලා තව පින්තූර ටිකක් හොයාගත්තා මීට අදාල.හේතු 2ක් තියෙනවා;

හේතු මෙන්න මේවායි :

    1)  අපි හුඟක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ තමන්ට නැති දේවල් ගැන හිතහිතා හිතෙන් දුක්විඳින්න.එහෙමත් නැත්තං ඒ දේවල් තියෙන අනිත් ම්නිස්සු දිහා බලාගෙන හූල්ලන්න.ඒත් මේ පින්තූර ටික බැලුවාම හිතෙයි අපිට අවශ්‍යකරන ගොඩාක් දේවල් අපේ හිත සහ හැකියාව මෙහෙයවලා , ඉතාම කුඩා සම්පත් ප්‍රමාණයක් භාවිතා කරලා හදාගන්න පුලුවනි නේද කියලා.

    2) අනිත් කාරණේ තමයි අපි ප්‍රශ්නයක් දිහා බලන විදිය වෙනස් කලොත් , ඒ ප්‍රශ්නේ විසඳගන කොච්චර සරල සහ ප්‍රායොගික මාර්ග තියෙනවද කියල පෙන්වලා දෙන්න.
-----------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------
 
     මේ වගේ දේවල් දැකලා අපිට හිනා ගියත් , මේ වගේ පොඩි පොඩි දේවල් හදන , අලුතින් හිතන මිනිස්සුන්ට තමයි කවදාහරි මේ ලෝකෙ වෙනස් කරන්න පුලුවන් වෙන්නේ.

   ප්‍රශ්නයක් වෙලාවට ටක් ගාල ප්‍රායෝගිකව විසඳුමක් දෙන්න වගේම කවදාහරි මුළු ලෝකෙම පුදුම කරවන නිර්මාණ ඉදිරිපත් කරන්නත් පුලුවන් වෙන්නේ මේ වගේ නිර්මාණකරුවන්ටම තමයි.
 


    හැබැයි නිර්මාණ කරනවා කියලා මේ වගේ එකේ අන්තයටම යන්නත් එපා.එතකොට ඒක මෝඩකමක් මිසක් හැකියාවක් නෙවෙයි. :p

    ඉතින් අපි මේ පින්තූර ටික දිහා බලලා අද ඉඳන් අපිත් උත්සාහ කරමු , අපිම අපට අවශ්‍ය දේවලින් ඉතා කුඩා දෙයක් හරි නිර්මාණය කරගන්න.සමහරවිට ඉවතලන දේවල් පවා යොදාගන්න පුලුවන් වේවී.

    සාර්ථක නිර්මාණයක් කරගන්න සමහරවිට හැකිවේවී , විටෙක නොහැකි වේවී , ඒත් උත්සාහ කිරීම වටිනවා නේද?

----------------------------------------------------------------------------------------------------------------
ප.ලි. :

මේ සියළුම පින්තූර පාහේ මට ලැබුණේ වෙබ් අඩවියකින් බෙදාහැරපු විද්‍යුත් තැපැල් පනිවිඩයකින්.තව ගොඩාක් පින්තූර තියෙනවා එතන , කැමති අය ගිහිල්ලා රස විඳින්න.මෙන්න සබැඳුම >>>>>

16 comments:

  1. අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී නේ මිත්‍රයා.

    අපි පුරුදු වෙන්න ඕනේ සම්ප්‍රදායික වෙන්න නෙමෙයි සම්ප්‍රදාය මත අඩි තබමින් ඉදිරියට යන්න :):)

    ReplyDelete
  2. සෝකය අපිට මේව කරන්න බැරි උන එක....

    ReplyDelete
  3. හසිත වෙත- කතාව ඇත්ත.සම්ප්‍රදාය බදාගෙන ඒ මත නහිනවට වඩා , රාමුවෙන් පිටට ඇවිත් අලුතිං හිතුවේ නැත්තං , අපි හැමදාමත් එක තැනමයි

    @ indi - මේව කරන්න වෙලාවක් කලාවක් නැහැ මිත්‍රයා!!! ප්‍රශ්නයක් දුටු තැන , ක්ෂණික විසඳුමක් දීමයි වැදගත්.උත්සාහ කළොත් බැරිවෙන එකක් නැහැ

    ReplyDelete
  4. පට්ට මචං....මගේ කැමතිම විෂයක් තමයි ඕක.....එලම එල ලිපිය....නමුත් මචං අපේ රටේ හැකියාවට ඉඩක් නෑ කියල නම් කියන්න පුළුවන්....අපේ ර‍ටේ අයගේ මොළේ හොදට තියෙනවා...නමුත් ඒ මොළේ තමන්ට අවැසි විදිහට ඒවගේම වැඩදායී විදිහට මෙහෙයවගන්නේ කෝමද කියල කිසිම ආයතනයකින් හෝ පාසලකින් කරන්නෑ...අනිත් එක සම්පත් කළමණාකරනය....අපේ රටේ පාසල් අධ්‍යාපනයට එකතු කල යුතුම විෂයන් දෙකක් විදිහටයි මම නම් මේ විෂයන් ගැන හිතන්නේ....එහෙම එකතු කරපු දවසට අනිවා අපේ රටෙත් තව තව මීට වඩා හොද නව නිර්මාණ නව සිතුවිළි බිහිවෙයි.....

    ReplyDelete
  5. හසියා වෙත - 100% ක් ඇත්ත සහෝ!!!!! මාත් හිතන්නේ පොත පතේ දැනුම වගේම අලුතෙන් හිතන්නත් පුරුදු කලොත් අපේ රට දියුණු කරන එක මහ ලොකු වැඩක් නෙවෙයි.

    උඹේ අදහස් ටික පට්ට මචෝ!!! ස්තුතියි!!

    ReplyDelete
  6. "නමුත් ඒ මොළේ තමන්ට අවැසි විදිහට ඒවගේම වැඩදායී විදිහට මෙහෙයවගන්නේ කෝමද කියල කිසිම ආයතනයකින් හෝ පාසලකින් කරන්නෑ"

    මේකට යමක් එකතු කරන්න කැමතියි අපේ රටේ මිනිස්සු තමන්ගේ මොළේ හොඳ වැඩකට පාවිච්චි කරන්නේ කලාතුරකින්. හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ හොර මගෝඩි අන්ඩපල වැඩවලට

    ReplyDelete
  7. සහතික ඇත්ත.ලෝකේ කොහේ ගියත් අපේ උං මගෝඩි වැඩවලින්නං රටේ නම තියනවා.

    ReplyDelete
  8. නියම අදහසක් අයියෙ.... මරු අයිඩියා ටිකක් තියන පොටෝ ටික

    ReplyDelete
  9. දුන්න ආදර්ශය නම් ගොඩක් වටිනවා , චෑක් අපේ රටත් මේ වගේ වුනා නම් කියලා හිතෙන වාර අනන්තයි !!!

    ReplyDelete
  10. @ හසිත - ලින්ක් එකට ගිහින් බලන්න.මීට වඩා හොඳ , හිතාගන්න බැරි විදියේ නිර්මාණත් තියෙනවා.මෙතන තියෙන්නේ බොහොම ටිකයි.

    @ හිඟන්නා - හික්ස්...එහෙම හිතන්න දෙයක් නෑ බං.අපේ රටෙත් මේ විදියට හිතන,වැඩකරන මිනිස්සු ඕනි තරං ඇති.

    අපිටත් ප්‍රශ්නයක් වුණාම පටස් ගාලා මේ වගේ සරල විසඳුමක් දෙන්න පුළුවනි නම් මරේ මරු නේ? :)))

    ReplyDelete
  11. නියමයි ජංජාල. මොනව උනත් අදහන්න වටින කස්ටියක් =D

    ReplyDelete
  12. @ kodi - කියලා වැඩක් නෑ!!මරු මොලකරුවෝ ටික!!! :)))

    ReplyDelete
  13. අර වතුර මලේ වැඩේ නම් ටිප් ටොප්! මමත් ට්‍රයි කරනවා අදම!

    ReplyDelete
  14. ඒක යසයි..ඔන්න මට යන වියදං ටිකක් අඩු වෙයි වගේ!!!

    හොඳයි හොඳායි!!!දැන්ම ඉඳලා පුරුදුවෙන්න ඔයත් :)))))))

    ReplyDelete
  15. පින්තූර ටිකේ පොඩි හිනා යන ගතියක් තිබ්බත්, ගන්න ඩෙයක් තියෙනවා මම හිතන්නෙ.. ලියමනත් අපූරුයි..!

    ReplyDelete
  16. @ රසික - බොහෝම ස්තුතියි සහෝ :))

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D