Showing posts with label මුලාව. Show all posts
Showing posts with label මුලාව. Show all posts
Monday, September 30, 2013
Thursday, June 14, 2012
පටන් ගන්නේ නැද්ද ඕයි!!!
විභාග ගොඩදාගෙන ,
රෑ දවල් පොත් බදාගෙන,
නින්දක්,කෑමක් හරියට නැතුව,
විශ්ව විද්යාලෙට ගාටපු,
අතේ සතේ නැති,
අහිංසකයෝ ටික,
ඇස්.බී. ගේ පුරාජේරු අහ අහා,
academic , non-academic,
strike එක්ක පොරකකා,
තාමත් හොස්ටල් කැන්ටින් එකෙන්,
රුපියල් 5 ට අඩු කකා,
කර කියාගන්න දෙයක් නැතුව,
බලං ඉන්නවා,
කැම්පස් ආපහු පටන් ගන්නකල්,
උන්ගේ ජීවිත ජයගන්න,
ඩිග්රිය ඉවරකරලා,
ජොබ් කට්ටක් හොයාගන්න....
ප.ලි. :
Saturday, January 7, 2012
දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............... අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා".......
මේ පාර උසස්පෙළ විභාගේ ප්රතිඵල ගැන ගොඩ දෙනෙක් එක එක ආකාරයේ විචාර ලබාදුන්නා.සමහර විචාර ප්රසිද්ධියේ පල කරන්න බැරි තරං තරහ උතුරන ආකාරයේ ප්රකාශන වුනා.දැනට මම ජංජාලේ දැකපු ලස්සනම විචාරය මෙන්න මේ දැන් මම උපුටගත්තා මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්ය සංගමයේ නිල බ්ලොග් අඩවියෙන්.
==============================================
දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............... අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා"........
සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු මෙමා
මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර තමා
දැනගනු පිණිස පුතු ප්රතිඵල නොවී පමා
ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි "කොමා"
ප්රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන විට
මට වැටහුණා හොඳ හැටි ඉක්මනෙහි කොට
සදෙව් ලොවම කැළඹී ප්රතිඵලය පිට
එන්නට හදනවා ඇතුළට කඩන් වැට
දේවිය යවා පුතු ප්රතිඵල බලන රිසින්
කැදවූයෙමි කොමා වූ තතු අසන ලෙසින්
පහලට නැමුණු මුහුණින් බිම හැරුණු ඇසින්
පහදන්නට කරුණු ඇරඹිණි කොමා විසින්
සිලබස් දෙකක කට්ටිය එකටම ලිවුවා
වරදක් නැතිව අපි එක ලකුණක් මැවුවා
දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා
අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු මෙව්වා
ඔහුගේ කතාවේ අග මුල නැති හන්දා
ඉගෙනුම් බාර දෙවියා අසලට කැන්දා
විමසූවෙමි කරුණු හද තුළ සැක රන්දා
පුතුගේ ප්රතිඵලය මක් වේවිද මන්දා
ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ ගතිය
කෑ ගැහුවාට ඒ හැටි අවුලක් නැතිය
හැදුවේ සූත්රය නිදි මරමින් සතිය
ඒකට යොදා ගත්තේ අපි ජ්යාමිතිය
ඔහොම වැඩක්මයි තොපි නම් කළොත් කලේ
කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ බලේ
ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව ජලේ
යමරජු මාළු බානව ඇති ඉහන් වළේ
මාතලීට ඇත දැන් හොදටම කිපිලා
උගෙ පුතු හට නෑලු තව ප්රතිඵල ලැබිලා
බැලුවම කාරණා එහි පතුලට එබිලා
ඩ්රයිවින් පේපරේ කුණු කූඩෙක තිබිලා
තාමත් සිහිය නෑ මල් අම්මගෙ දූට
බය වුණු පාර අද මේ සිදු උන දේට
සදෙව් ලොවෙන් දහවෙනියා වුණු ඈට
තුසිතෙන් සීය ලැබුණාම පවසම් කාට
පංචසිකට හැදිලලු කැක්කුම ඔලුවේ
වීණාවෙන්ලු පුතාට තරහට තැලුවේ
සංගීතයෙන් උගෙ පුතු කොහොමද හැලුවේ
ඌගෙම පියා නම් එහි පේපර්ස් බැලුවේ
වගකීමක් නැතිව මුන් පුටු වල ලෑවා
මුන් ටික මගේ නම රහ කර කර කෑවා
මින් මතු කිසි දිනක නොම වන්නට ඕවා
දැන්වත් ඉගෙන ගත යුතු පාඩම් මේවා
යන විට සබාවේ ඔය විදිහට ගෝරි
කෑ ගහගෙන දිව ආවා නොවැ බාරි
පොඩි පුතු ලිවුවේ තනතුරකට බලධාරි
අන්තපුරේටලු ඌ ඇත්තේ තේරි
-- ලිව්වේ සදෙව් ලොවට අධ්පති (චමිඳු මිහිරංග)
-- ලිව්වේ සදෙව් ලොවට අධ්පති (චමිඳු මිහිරංග)
==============================================
-- උපුටාගන්නා ලද්දේ මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්ය සංගමයේ නිල බ්ලොග් අඩවියෙන්.
==============================================
සුපුරුදු පරිදි මේ නිර්මාණය කරලා තියෙන්නේ අපේ සහෝදර ශිෂ්ය චමිඳු මිහිරංග විසින්.මීට කලින් ඔහු විසින් පෞද්ගලික විශ්ව විද්යාල ගැන පල කරපු ලිපිය කියවන්න මෙන්න මෙතනින්..
==============================================
ලිපි වර්ගීකරණයන් :
අසාධාරණය,
කැම්පස් සටහන්,
නිර්මාණශීලී,
මුලාව,
ශ්රී ලංකාව
Saturday, May 8, 2010
ඔස්ටියෝපොරොසිස් , ජනමාධ්ය සහ අපේ කාන්තාව
" ඔස්ටියෝපොරොසිස් "(Osteoporosis) : අද සමාජය තුල වඩාත් දකින්නට හා අසන්නට ලැබෙන නමක්.මෙය වයස 50 ඉක්මවූ කාන්තාවන් අතර වැඩි ලෙස පවතින,අස්ථි දුර්වලතා රෝගයක් ලෙස අපි බොහො දෙනා සිතනවා.නමුත් මෙම රෝග තත්වය ගැන බොහෝ දෙනෙක් අතර තිබෙන , මේ මතය ගැන යමක් විමසා බැලිය යුතුයි කියලයි මට හිතුනේ.
මම වෛද්ය විද්යාව ගැන ඒ තරම් දන්නේ නං නැහැ,ඒ වුනත් ජංජාලේ සැරිසරල හොයගත්තු විදියටනං මේ රෝගයෙදි සිදු වෙන්නෙ වයසට යාමත් සමඟ අස්ථිවල ස්ථරය හීන වීමෙන් ඒව ඉක්මනින් කැඩී බිඳී යන තත්වයට පත්වීම සහ කුදු ස්වභාවය ඇති වීමයි.
නමුත් මෙහිදී අපගේ අවධානය යොමු වියයුතු අපි නොදන්න කරුණු කීපයක් තියෙනවා.එවා තමයි ;
1) මෙම රෝගය කාන්තා පාර්ශවයට පමනක් සීමා වූ රෝගයක් නෙවෙයි
2) සෑම කාන්තාවකටම මෙය වයස 50 ඉක්මවූ පමනින් නොවැලඳේ
3) අධික ලෙස මත්පැන් පානය කරන සහ ව්යායාම අඩු පිරිමින්ට මෙය වැලඳීමේ සම්භාවිතාව ඉතා ඉහලයි
4) මෙය වලක්වාගැනීමට ,වයස 25 ට පමණ පෙර ,ඉතා හොඳින් කැල්සියම් අඩංගු ආහාර පාන ලබාගතයුතුයි
නමුත් ලංකාව තුල ප්රචාරය වන ඔස්ටියෝපොරොසිස් රෝගය සම්බන්ඳ දැන්වීම් (කිරිපිටි සමාගමක් විසින් ප්රචාරය කරන ) මගින් මෙරට සමාජයට ලබාදෙමින් පවතිනුයේ මීට හාත්පසින්ම වෙනස් පනිවිඩයක්.එම පිරිස පවසන්නේ මෙය වයස 50 ඉක්මවූ කාන්තාවන්ට පමනක් වැළඳෙන රොගයක් බවත් , එම කිරිපිටි වර්ගය පානය කිරීමෙන් එම තත්වය මග හරවා ගත හැකි බවත්ය.සමාජයේ යහපත උදෙසා යැයි කියමින් ප්රසිද්ධ පෞද්ගලික රෝහලක්ද සම්බන්ඳ කරගනිමින් මෙවැනි දැන්වීමක් ප්රචාරය කරන බව සමාජයට පෙන්වූවත්,මෙය ඔවුන්ගේ කිරිපිටි විකුණා ගැනීමටම පමනක් සීමාවූ දැන්වීමක් බව අපට පැහැදිලි වන්නේ මෙම දැන්වීම තුල මෙය කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගයක් ලෙස හුවා දැක්වීම , එය වලක්වාගැනීමට එම කිරි පිටි වර්ගය පානය කරන ලෙස කරන ඉල්ලීමෙනුත්ය.තවද මෙම කැල්සියම් සිරුරට ලබා ගැනීම , කාන්තාවකුගේ සම්පූර්ණ වර්ධනයට පෙර (වයස 25 ට පමණ පෙර ) කල යුත්තක් බව නොපැවසීම තුල ඔවුන්ගේ කුහකත්වය තව තවත් තහවුරු වෙනවා.
ඉතින් මෙවැනි තත්වයක් තුල අපේ කාන්තාවන් වැඩි වැඩියෙන් එම කිරි පිටි බීමට නැඹුරු වී සිටිනවා.ඒත් රෝගයෙන් මිදීමට එය පමණක් ප්රමාණවත් ද යන්නත් ,එම කිරි පිටි වර්ගයෙන් අවශ්ය කැල්සියම් සිරුරට ලැබෙනවාද යන්නත් අප ඉදිරියේ තිබෙන ප්රධාන ගැටළු කීපයක්.
වෛද්යවරුන් පවසන පරිදි මෙම රෝගයෙන් මිදීමට කළ යුතු දෑ මේවාය ;
1) දිනපතා ව්යායාම කිරීම
2) පූර්ණ වර්ධනයට පෙර හොඳින් කැල්සියම් සිරුරට ලබා ගැනීම (වයස 25 ට පෙර )
3) අලුත් පලතුරු ආහාරයට එක් කර ගැනීම , ජලය යහමින් පානය කිරීම සහ ක්ෂණික ආහාර වලින් හැකි තරම් ඉවත් වී ස්වභාවික ආහාර ගැනීමට පුරුදු පුහුණු වීම
4) නිවැරදි ඉරියව් පවත්වාගැනීම
5) මත්ද්රව්ය භාවිතය අවම කිරීම
එම නිසා මෙවැනි පෙරකී පෞද්ගලික සමාගම් විසින් මාධ්ය හරහා සමාජගතකරන පනිවිඩ කෙතරම් දුරට සත්යදැයි පරීක්ෂාකර බලා,සමාජගත මෙවැනි සුලභ රෝග තත්ව හා ඒවායෙන් මිදීමට ගතයුතු නිවැරදි ක්රියා මාර්ග මොනවාද යන්න පිලිබඳව රජය හා සෞඛ්ය අංශ විසින් , සමාජය නිවැරදිව දැනුවත් කළ යුතු කාලය එලඹ ඇති බව මගේ පෞද්ගලික හැඟීමයි.
මේ පිලිබඳව ඔබේ අදහස කුමක් ද?
වැඩි දුරටත් දැනගැනීමට ( ඉංග්රීසියෙන් ) :
Subscribe to:
Posts (Atom)


