Showing posts with label සිංහල බ්ලොග්ස්. Show all posts
Showing posts with label සිංහල බ්ලොග්ස්. Show all posts

Thursday, January 31, 2013

මෙන්න ලාබෙට ඩොමේන් එකක්!!!



  හැමෝම දන්නවනේ .com ඩොමේන් එකක් ගන්න රුපියල් 1600 [$ 12.99 ] ක් විතර ඕනි කියලා.මෙන්න ලෝකේ අංක එකේ  ඩොමේන් නාම සපයන්නා GoDaddy $ 2.95 ක් වැනි ඉතාම අඩු මුදලකට .com ඩොමේන් විකුනනවා !! ගිහින්ම බලන්න! දෙවෙනි අවුරුද්දටත් එක පාරම ගෙවනවනම් තවත් $ 7.99 විතරයි වැය වෙන්නේ.

මුළු වියදම අවුරුදු දෙකකටම $10.94 විතරමයි!!  හැබැයි මේ DEAL එක වලංගු අපි මිලදීගන්න එක ඩොමේන් එකකට විතරයි!!දැන්ම දුවන්න!! ගිහිල්ලා අරගන්න!!!



ප.ලි. : බයවෙන්නෙපා... Referrals , අරව මෙව්වා නැහැ! කෙලින්ම Godaddy Deals පිටුවටයි ලින්ක් එක!! :) හදිසියේම දැක්ක නිසයි බෙදාහදාගන්න හිතුනේ!! :)

Thursday, April 29, 2010

මාත් ආසයි සිංහලෙන් ලියන්න................

   හුඟක් දවස් ඉඳන් තිබුණු අදහසක් තමයි සිංහලෙන් බ්ලොග් එකක්  ලිවීම.ඒත් ඉතින් අනං මනං වැඩ අස්සේ,මේ අදහස හැමදාමත් යටපත් වෙනවා.කල් යල් බල බලා ඉඳල නං පටන් ගන්න වෙන්නෙ නැහැ මේක කවදාවත්,ඒක නිසා මෙන්න මම හදිසියෙම පටං ගත්තා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න.

     ඇත්තටම මම හුඟක් කල් ඉඳන් බ්ලොග් කියෙව්වා,කමෙන්ට්ස් දැම්මා ; බ්ලොග් මැරතන් දුවද්දී බලන් හිටියා,වතුර ගැහුවා; ඒත් මම නිර්නාමිකව හිටපු නිසා කවුරුවත් මාව අඳුනන්නේ නැහැ.ඔන්න ඒ නිසා මම හිතුවා මගේම අදහස් එකතු කරලා,මගේම කියලා සිංහල බ්ලොග් එකක් ලියන්න. 

    ඇත්තටම සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න මාව පෙලඹුණේ සිංහලෙන් දැනට තියෙන බ්ලොග් ප්‍රමාණය සහ ඒවායේ තියෙන ගුණාත්මක වටිනාකම දැකලයි.අනිත් කාරණය , අපි කොච්චර ඉංග්‍රීසි පාවිච්චි කලත් , අපේ භාෂාවෙන් ලියවුනු දෙයක් කියවනකොට දැනෙන තරම්,ඇඟටවත් හිතටවත් ඒක නොදැනෙන එක ස්වභාවිකයි.මොකද අපි ඉපදුනු දවසේ ඉඳන් ඇහුවෙ,කිව්වෙ,ලිව්වෙ අපේම මව් භාෂාවෙන් මිසක් පර භාෂා වලින් නෙවෙයිනේ.

     ඒක නිසා,සමහරු කොහොම කිව්වත්,අපිට වටින්නේ අපෙ මව් භාෂාවයි. ඉතින් මව් භාෂාවෙන් සයිබර් අවකාශය තුල කියවන්නන්ට,මේ සිංහල බ්ලොග්ස් වලින් ලැබෙන දැනුම අප්‍රමාණයි.ඔන්න ඒ අප්‍රමාණ දැනුම් සාගරේට මගෙනුත් පුංචි දායකත්වයක් අද ඉඳන්.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හමුවෙමු නැවතත්!!!! ඔබට ජය!!!!