Showing posts with label මත්ද්‍රව්‍ය. Show all posts
Showing posts with label මත්ද්‍රව්‍ය. Show all posts

Saturday, June 26, 2010

"මත්පැන් පානයෙන් , යෝග ව්‍යායාමවලින් ලැබෙන ප්‍රතිඵලම ලැබේ." නවතම පරීක්ෂණ වාර්තාව!

මත්පැන් ගැන මම වතාවකුත් ලිපියක් දැම්මා.ඒ වුණාට ඒකේ නොකියා කිව්වේ බොන්න එපා කියලනේ.මෙන්න මම අද කියනවා කශ්ටියටම "වැටෙන්න බොන්න" කියලා!

ඇයි දන්නවද?ඔන්න නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා , වැටෙන්න බිව්වම ඇඟට ලැබෙන ව්‍යායාම සහ යෝග ව්‍යායාම අතර ලොකු වෙනසක් නෑ කියලා.ඉතින් සෞඛ්‍යමත්ව ඉන්න ඕනිනං , ඔන්න අදම බොන්න පටංගන්න!

පරීක්ෂණය හරිම අවිධිමත් ලෙස සිදු කල එකක්.ඒත් ප්‍රතිඵල පුදුම සහගතයි!

මෙන්න ඒ පරීක්ෂණයේ සමහර අවස්ථාවලදී ලබාගත් ඡායාරූප කීපයක්.එම ඡායාරූපවල මුලින් දක්වලා තියෙන්නේ නියම යෝගාසනයේ ස්වරූපය.ඊලඟට දකුණු පැත්තේ තියෙන්නේ , මත්පැන් ජයටම පානය කරලා ඉන්න උදවිය.බලන්න ඒ ආසනවල ඒ උදවිය ඉන්න අපූරුව!

සවාසන - ඇඟ ලිහිල් කිරීමේ ආසනය



බලාසන - විඩාබර බව තුරන්කර මනස සැහැල්ලු කිරීමේ ආසනය



සෙටු බන්ධ සර්වාංගාසනය - වෙහෙසකර මොලය සන්සුන් කරන අතරම විඩාපත් පාද සැහැල්ලු කරයි




මර්ජ්‍යාසන - කොඳු ඇටපෙළ සහ යටිබඩ පෙදෙස ශක්තිමත් කරයි

හලාසන - කොන්දේ අමාරුව සහ නින්ද නොයාමේ රෝගවලින් ඔබව මුදවයි

ඩොල්ෆින් - උරහිස් පෙදෙස් , පපු පෙදෙස , කකුල් සහ අත්වල සුවතාවයට


සලඹාසන - බඩ , යටිබඩ සහ ප්‍රජනන අවයව ශක්තිමත් කරයි

ආනන්ද බලාසන - උකුල පෙදෙසට ව්‍යායාම ලබාදේ

මලාසන - කකුලේ වලලුකර සහ පිටුපස අස්ථි ශක්තිමත් කරයි

-----------------------------------------------


දැන් ඉතින් පේනවනේ බිව්වාම ලැබෙන ප්‍රයෝජන!

බලන්න ඒ උදවිය ලස්සනට යෝගාසනවල ඉන්න හැටි!

ඔයාලත් මීට පස්සේ බොනවනම් , වැටෙන්නම බොන්න!එතකොටයි සෞඛ්‍යට සනීප!

ප.ලි. : මේ සියලු ඡායාරූප ලැබුණේ විද්‍යුත් තැපැල් මාර්ගයෙන්, මගේ මිතුරකුගෙන්.ඔහුට විශේෂ ස්තුතිය!

Saturday, June 5, 2010

මත්ද්‍රව්‍ය බීමේ අවසාන තරඟයේ ජයග්‍රාහකයින්

මේ පින්තූර ටික මට ලැබුණේ යළුවෙක් හරහා විද්‍යුත් තැපෑලෙන්.

මොනවාවුණත් බොන අයට වෙන දේවල් මේවයි කියලා බලාගන්න ඕං මම මේ ටික දානවා.

මේ ටික බලලා , තමන්ම හිතල බලන්න බොන එකෙන් තමන්ට ලැබෙන්නේ මොනවද කියලා.තමන්ගේ තත්වය , ගෞරවය නැතිවෙනවා නේද කියලා හිතල බලන්න.
----------------------------------------------------------------------------------------------------------

~~ මත්ද්‍රව්‍ය බීමේ අවසාන තරඟයේ ජයග්‍රාහකයින් ~~
[බලන්නකෝ කට්ටිය ඉන්න ලස්සන]

7වන ස්ථානය


6වන ස්ථානය



5වන ස්ථානය



4වන ස්ථානය



3වන ස්ථානය



2වන ස්ථානය




සහ ජයග්‍රාහී ප්‍රථම ස්ථානය




----------------------------------------------------------------------------------------------------------
මේ වගේ තරඟ ලංකාවෙනං හැමදාම තියෙනව නොවෑ.ඒවා බොහෝමයක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්නත් බැහැ.මොකද ඒ අය වැඩිපුර ඉන්නේ අනවශ්‍ය දේවල් එලියේ දමාගෙනනේ.

කවුරු කවුරුත් බිව්වාම පිටතට නොපෙන්නුවත් , හිත ඇතුල මේ වගේම තමයි. අන්දුන් කුන්දුන්!!!!

ඉන්නේ කොහෙද , කරන්නේ මොනවද කියලා ඒ අයම දන්නේ නැහැ.

පව් ඉතිං !!මොනවා කරන්නද? අපි මේ වගේ අයට අනුකම්පා කරමු.