Friday, May 21, 2010

වතුරෙන් යට වූ කොලොම්පුරය

         මහ වැසි ඇද හැලෙන මේ දින වලදී අප රටේ ආර්ථික මූලස්ථානය වන කොළඹ නගරය ජලයෙන් යටවී තිබෙනු දිනපතා දකින්නට හා අසන්නට ලැබෙනවා.ඇයි මේ? "පොඩි වැස්සක් වැස්සත් මුලින්ම යටවෙන්නේ කොලඹනේ " !!!!! මොකක්ද මේකට හේතුව?බලමු විමසලා.

   කොලඹ නගරය අප රටේ ආර්ථික මර්මස්ථානය වුනේ ඉංග්‍රීසි පාලන කාලේ ඉඳන්මයි. ඉතින් ඔය කාලෙදි තමයි කොලඹ නගරයේ මාර්ග සහ ගොඩනැගිලි මුලින්ම සැලැස්මක් අනුව ඉදි වෙන්න පටං ගත්තේ.ඒත් එක්කමයි නගරයේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු වුණේ සහ අපද්‍රව්‍ය/වැසි ජලය බැහැරකරන කාණු පද්ධතිය ඉදි වුනේ.මේ හැමදෙයක්ම ඒ කාලෙ හැටියට ඉස්තරම්ම ආකාරයෙන් ඉදි කලා.මොකද ඉතිං සුද්දොංගේ වැඩ "සුද්දා වගේනෙ"  :D

    පසු කාලීනව අපිට නිදහස හම්බුණා.( 1948 ) ඊට පසුව කොලඹ තවදුරටත් රටේ ආර්ථික මර්මස්ථානය විදියට දියුණු වුණා.හැබැයි තවදුරටත් ඒක සිද්ධ වුනේ සුද්දා යටතේ නම් නෙවෙයි.ශ්‍රී ලාංකිකයෝ යටතෙයි.ඔන්න ඔතෙනදි පොඩි පුරස්නයක් ආවා.මොකක්ද ඒ ?

     සුද්දට තිබ්බ තරම් සැලැස්මක් අපේ ,මිනිස්සුන්ට තිබුණේ නැහැ.අපේ අය මූලිකත්වය දුන්නේ පිටින් පේන,ගොඩනැගිලි සහ පාරවල් හදන්න විතරයි.ඒත් නගරයක මූලික අංගයක් වෙන ජලාපවහන පද්ධතිය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්න පෙලඹුනේ නැහැ.එක්කෝ අමතක වුණා නැත්තං ඕන කමින්ම අමතක කලා.කොහොමින් කොහොම වුණත් අපි අද මේ අත්විඳින කොලොම්පුර සුන්දර ගංවතුර ඇතිවෙන්න , එහෙම අමතක කරපු ජලාපවහන පද්ධතිය තමයි මූලික වුණේ.

     නිසි කලමනාකරණයක් නැතුව ඉඩ තියෙන හැම තැනකම ගොඩනැගිලි හදලා , වතුර බහින්න හදපු කාණු ගොඩ කරලා ඒව උඩත් පැල්පතක් හරි අටවගන්න දඟලපු අපේ උදවිය තමයි මේ සුන්දරත්වය නිර්මාණය කලේ.

     අනිත් කාරණේ තමයි කිසිම පිලිවෙලකින් තොරවූ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ලාංකීය පුරුද්ද.කාපු තැනම බත් කොලේ විසි කරන,පොලිතීන් මළු දාලා කාණු පද්ධතිය වතුර ගලා නොයන , එහෙත් ලස්සන කුණු ගොඩක් බවට හරවාගත්තු අපේ උදවියට දැන් පුළුවනි සතුටු වෙන්න තමන්ගේ වැඩ කිඩ වල ප්‍රතිඵල දැකලා.

   ඉතිං ඔන්න ඔහොමයි අපේ රටේ ආර්ථික අගනගරය , සුන්දර ගංවතුරෙන් යටවෙන්න කරුණු කාරනා මූලික වුනේ.

දැන් මොකද කරන්නේ??

         රජයට සෑහෙන වගකීමක් තියෙනවා නිසි කලමනාකරණයක් ඇතිව නගර සැලසුම් ක්‍රියාත්මක කිරීමට.මොකද ආසියාවේ ආශ්චර්ය බවට ලංකාව පත්කරද්දී මුලින්ම සලකා බලන්න ඕනි මේ වගේ දේවල් ගැන.මෙච්චර කල් හිටපු කිසිම ආණ්ඩුවක් කලේ නෑ කියනවට වඩා,මේ තියෙන ආණ්ඩුවෙන්වත් මේක කරමු කියන එක ප්‍රායෝගිකයි.

     ඒකට පලමු පියවර ආණ්ඩුව ගිය සතියෙදි ගත්තා.ඒ තමයි පදික වෙළඳුන් ඉවත්  කිරීම.මොකද ඔය කාණු වලට එන පොලිතීන් වැඩි ප්‍රමාණයක් එන්නේ වෙළඳුන් අතින්.හොඳම උදාහරණේ නුගේගොඩ ලංකා බැංකුව ඉදිරිපස තියෙන වතුර ගලා බහින කාණුව.ඕක හැමදාමත් පිරෙන්නේ එතන ඇඳුම් වෙළඳාම් කරන වෙළඳුන් ඉවත් කරන ඇඳුම් ඔතා තියෙන පොලිතීන් කවර වලින්.ඒක නිසා නුගේගොඩ හතරමං හන්දියම යට වෙනවා ( බොහෝවිට ස්ටැන්ලි තිලකරත්න මාවත හෙවත් රොටරිය පැත්තට යන පාර ) වැස්ස දවසට.මේක නිසා දුක් විඳින්නේ පාසල් යන ලමයි සහ පාරේ පයින් ගමන් කරන මිනිස්සු.ඒ නිසා කසල කලමනාකරණය සහ නීතිමය නොවන ස්ථානවල තියෙන වෙළඳාම් ඉවත් කිරීම අත්‍යාවශ්‍ය දෙයක්.
( නමුත් පදික වෙළඳුන් ඉවත් කිරීම වෙනම කතා කළ යුතු පුළුල් මාතෘකාවක්.ඒත් මේ ප්‍රශ්නෙදි ඔවුන් වැරදි කරුවන් )

    රජය තමන්ගේ වගකීම් ඉටු කරද්දී , අපි සමාජයේ පුරවැසියන් විදියට අපේ යුතුකම් ඉටු කළ යුතුයි.

    ඒ කොහොමද?

 1) පොලිතීන් සහ අනෙකුත් අපද්‍රව්‍ය නිසිලෙස,නිසිතැන ඉවත ලෑම
    ( කුණු බක්කියකට දාන්න කියලයි ඔය කිව්වේ :) )

2) කාණු පද්ධතියක් අවහිර වෙලා නං ඒ ගැන වහාම අදාල ස්ථනයකට ඒ බව දැන්වීම ( මොකද වැස්සට කලිං අපි ඒවට හිනා වෙවී ගිහින්,වැස්ස දාට පාරවල් යටවුණාම දුක් විඳිනව )

     ඉතිං ඔය වගේ පොඩි පොඩි දේවල් වලිං ලොකු ලොකු කරදර නවත්තගන්න පුලුවං කම තියෙද්දිනේ අපි මේ දුක් විඳින්නේ.එහෙනං මීට පස්සෙවත් මේ වැරදි හදාගමු.

      රජයත් මේවට අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග ගනියි කියල අපි ප්‍රාර්ථනා කරමු.

-------------------------------------------------------------------------------------------------------------

ප.ලි. :  ( මොනවා වුණත් කොලඹට ගලපු එකත් හොඳයි.නැත්තං ඔය කොලඹ 7 නෝනා මහත්වරු කවදා ගං වතුරක් දකින්නද මේ කපේ :)) )

Monday, May 17, 2010

ලාබයි ඩොමේන් ලාබයි( ඩොලර් 4 )...මැයි 20 වෙනකං විතරයි......ඉක්මන්ට ගන්න....ඔන්න මමත් එකක් ගත්තා

    මෙන්න මට අහම්බෙන් හම්බු වුණු අවස්ථාවක්.අඩු මුදලට ඩොට් කොම් ඩොමේන් ලබගතහැකි අවස්ථාවක්.මුලදි ඩොලර් එකකටත් තිබිල තියෙනව.ඒත් දැං මේක ඩොලර් 4ක්.ඒත් බාගෙට බාගයක් ලාබයි නොවැ!!මොකද සාමාන්‍යයෙන් ඩොමේන් එකක් ඩොලර් 10 ක් නොවැ.හැබැයි මේ දීමනාව මැයි 20 වෙනකං විතරයි මම දන්න තරමින්.ඒක හින්දා ඉක්මන් කරන්න!!!! ඉක්මන්ට ඩොට් කොම් නාමයක් ලබාගන්න!!!මමත් එකක් ගත්තා ඔන්න :)


මෙන්න ලින්ක් එක  : මෙතන කොටන්න
මිල අඩු කිරීමේ කේතය ( promotional code ) :  DOLLARDOMAIN

Saturday, May 15, 2010

මන්ත්‍රීතුමනි , දැන්වත් ක්‍රිකට් වලින් ඉවත් වෙමු ද?

        ක්‍රිකට් කියන්නේ ලංකාවෙ අපි අතර ජනප්‍රියම ක්‍රීඩාව කිව්වොත් කවුරු වුනත් පිලිගනීවි.අපි වුණත් ඉතිං පොඩි කාලේ ඉඳන්ම කරපු සෙල්ලමක්නෙ මේ ක්‍රිකට්.දැන් වුණත් මැච් එකක් තියෙන දවසකට බාල ,මහළු කියල භේදයක් නැතුව අනිත් වැඩ ඔක්කොම අමතක කරල දාල හැමෝම වගේ මුල්තැන දෙන්නේ මැච් එකට නොවැ.ඒකෙන්ම තෙරෙනව ක්‍රිකට් අපේ ඇට මිදුළු වලටම කාවැදිලා කියලා.

      ඒකට හේතු ගොඩාක් තියෙනවා.මෙතෙක් අපේ ක්‍රීඩා ඉතිහාසයේ අපි රටක් විදියට අපේ නම මුළු ලෝකටම අරං ගියේ මේ ක්‍රිකට් ක්‍රීඩාව වීම තමයි ඒවයිං ප්‍රධානම කාරණාව.මොකද අපේ රටේ කොතරම් ක්‍රීඩා තිබුණත් ලෝක මට්ටමෙන් ජයග්‍රහණ වැඩිපුරම අරං තියෙන්නේ මේ ක්‍රිකට් හරහා.ඒකෙ උච්චතම අවස්ථාව තමයි 1996 ලාංකීය ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම.

      කොහොමිං කොහොම වුණත් එදා 1996 අපේ ටීම් එක ලෝක කුසලානේ දිනාගනිද්දී ,ඔය ටීම් එකේ හිටියා එතෙක් මෙතෙක් තුර ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසෙට අළුත් පරිච්ඡේදයක් එකතු කරපු අරුම පුදුම ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලුණු දෙන්නෙක්.ඒ වෙන කවුරුත් නෙවෙයි,සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ කියන අපේ වීරයෝ දෙන්නා.මේ දෙන්නා එකතු වෙලා අනිත් රටවල් වල පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්නු හැටි හැමෝටම මතකයිනේ!!!!( මටත් ටිකාක් මතකයි.අපි ඉතිං ඒ දවස් වල පොඩි උං නොවැ!!! )

    1996 ලෝක කුසලානෙං පස්සෙ මුළු ක්‍රිකට් ලෝකම මේ අපූරු පිතිකරු යුගලය , සනත් සහ කළු ගැන කතා බහ කලා.මෙහෙම පටං ගත්තු සනත් කළු සුසංයෝගය වසර කීපයක් යනකංම ඉතාම සාර්ථක වුනා. ඒත් පසු කාලීනව (  2004 දී ) කළු ට කණ්ඩායමෙන් ඉවත්වුනා ඔහුගේ පිතිකරණ රිද්මය නැතිව ගිය නිසා.නමුත් මතක් කල යුතුයි ඔහු ඉවත් වුනේ බොහෝම ගෞරවාන්විතව ,සිය කැමැත්තෙනුයි.මොකද ඔහු වටහා ගත්තා තමන්ගේ කාලය අවසන් බවත්,නවකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බවත්.

        ඔය අතරේ ඔහුගේ සගයා , සනත් දිගින් දිගටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලා.කිහිප වරක්ම නිසි රිද්මයේ නොසිටීම නිසා කිහිප වරක්ම කණ්ඩායමෙන් එලියට විසි වුණත් , ආපහු තමන්ගේ ස්ථානය ලබාගන්න සනත් ට පුළුවං වුණා.හැබැයි ඒ හැම වතාවකම සනත් ලෝකට ඔප්පු කලා තමං තවමත් මේ ක්‍රීඩවට සුදුසු මානසික හා කායික යෝග්‍යතාවක ඉන්නවා කියලා සහ නැවත සුපුරුදු දස්කම් අතරට ඇවිත් මුලු ක්‍රිකට් ලෝකටම පෙන්නුවා තමංට තවමත් හොඳ පිතිකරණ හැකියාවක් තියෙනවා කියලා.

     නමුත් පසුගිය නිමාවුණු T-20 ලෝක කුසලානයේදි ඔහු පෙන්වපු දස්කම කිසි සේත්ම අනුමත කළ නොහැකි මට්ටමේ තමයි පැවතුණේ.මුලු තරඟාවලිය තුලදීම ඔහු ලබාගත්තේ ලකුණු 15 ක් පමණයි.කඩුළු ලබාගත්තේ එකක් පමණයි.මය කිසිසේත් හොඳ දස්කමක් නෙවෙයි.මේ දුර්වලතාව නිසා සනත්ට ආදරේ කරපු ප්‍රේක්ෂකයෝ සහ ක්‍රිකට් විචාරකයෝ පවා කියන්නේ සනත් ගේ වසර 20 ක ක්‍රිකට් දිවියේ අවසානය වෙත ඔහු ලඟා වී ඇති බවයි.

       නමුත් සනත් පවසන අන්දමට ඔහු 2011 පන්දු වාර 50 ලෝක කුසාලනය තෙක් රැඳී ඉන්නවාලු.එය ඔහුගේ අරමුණයි.නමුත් මෙම තත්වයත් එක්ක සනත් ගැන අපේ හිතේ තිබුනු ගෞරවය පවා ටිකෙන් ටික අඩු වෙමින් පවතිනව කියන එක නොරහසක්.බහුතරයකුගේ මතය ඔහු ක්‍රිකට් වලින් සමුගෙන නවකයෙකුට අවස්ථාව ලබා දිය යුතුයි කියන එකයි.මේකට තවත් හේතුවක් වෙලා තියෙන්නේ සනත් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ රජයේ මන්ත්‍රීවරයෙකු විදියට පත් වෙලා තිබීමත් , මේ නිසා ඔහු කාර්ය බහුල වීමෙන් ක්‍රිකට් කෙරෙහි තිබුණු උනන්දුව අඩු වෙලාදෝ කියන සැකය මහජනතාවගෙ හිත් වල ඇති වෙලා තියෙන නිසයි.

   කෙසේ වුණත් පැහැදිලිව පෙනෙන යථාර්තය නං සනත් ට දැං පෙර පරිදි දස්කම් පාන්න බැහැ කියන එකයි.මේ නිසා ඔහු විසින් කළ යුතු හොඳම දේ ක්‍රිකට් වලට සමු දීලා , නවක ක්‍රීඩකයකුට අවස්ථාව දීම බවයි මගේත් පෞද්ගලික අදහස.හැබැයි අමතක කරන්න එපා සනත් කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්.අපේ රට ලෝකේ ඉස්සරහා, දැවැන්ත රටක් කරන්න සක්‍රීයව දායක වුණ පුද්ගලයෙක්.

    ඒ නිසා අපි ඔහුගෙං ගෞරවයෙන් ඉල්ලමු ,  " ආදරණීය සනත් මන්ත්‍රීතුමනි , දැන්වත් ක්‍රිකට් වලින් ඉවත් වෙමු ද? " කියලා.

මොකක්ද මේ ගැන ඔබේ අදහස???

-----------------------------------------------------------------------------------------------------------

සනත්ගේ ක්‍රිකට් දස්කම් : මෙතන කොටන්න
කළුගේ ක්‍රිකට් දස්කම් : මෙතන කොටන්න

Wednesday, May 12, 2010

මම බලං ඉන්නවා , තාමත් ….

~~~~~~~~මම බලං ඉන්නවා , තාමත් …. ~~~~~~~~

ඔයා එනකං බලං ඉඳලා
ඇස් දෙක රිදෙනවා
තෙහෙට්ටුයි
මහන්සියි

ඒත්

තවමත් බලං ඉන්නවා
පරණ , පුරුදු
ආදරෙත් අරගෙන
ඔයා එනකං…..

හුරතල් කතාවක් කියන්න,
මාව හිනස්සන්න,
මගේ දුක නැති කරන්න,
එන්න ආපහු
මගේ පාළු ලෝකෙට…..

එනව නේද ඔයා ?

මම බලං ඉන්නවා
තාමත්….

Saturday, May 8, 2010

ඔස්ටියෝපොරොසිස් , ජනමාධ්‍ය සහ අපේ කාන්තාව

       " ඔස්ටියෝපොරොසිස් "(Osteoporosis) : අද සමාජය තුල වඩාත් දකින්නට හා අසන්නට ලැබෙන නමක්.මෙය වයස 50 ඉක්මවූ කාන්තාවන් අතර වැඩි ලෙස පවතින,අස්ථි දුර්වලතා රෝගයක් ලෙස අපි බොහො දෙනා සිතනවා.නමුත් මෙම රෝග තත්වය ගැන බොහෝ දෙනෙක් අතර තිබෙන , මේ මතය ගැන යමක් විමසා බැලිය යුතුයි කියලයි මට හිතුනේ.
      මම වෛද්‍ය විද්‍යාව ගැන ඒ තරම් දන්නේ නං නැහැ,ඒ වුනත් ජංජාලේ සැරිසරල හොයගත්තු විදියටනං මේ රෝගයෙදි සිදු වෙන්නෙ වයසට යාමත් සමඟ අස්ථිවල ස්ථරය හීන වීමෙන් ඒව ඉක්මනින් කැඩී බිඳී යන තත්වයට පත්වීම සහ කුදු ස්වභාවය ඇති වීමයි.
     නමුත් මෙහිදී අපගේ අවධානය යොමු වියයුතු අපි නොදන්න කරුණු කීපයක් තියෙනවා.එවා තමයි ;


1) මෙම රෝගය කාන්තා පාර්ශවයට පමනක් සීමා වූ රෝගයක් නෙවෙයි
2) සෑම කාන්තාවකටම මෙය වයස 50 ඉක්මවූ පමනින් නොවැලඳේ
3) අධික ලෙස මත්පැන් පානය කරන සහ ව්‍යායාම අඩු පිරිමින්ට මෙය වැලඳීමේ සම්භාවිතාව ඉතා ඉහලයි
4) මෙය වලක්වාගැනීමට ,වයස 25 ට පමණ පෙර ,ඉතා හොඳින් කැල්සියම් අඩංගු ආහාර පාන ලබාගතයුතුයි 

     නමුත් ලංකාව තුල ප්‍රචාරය වන ඔස්ටියෝපොරොසිස් රෝගය සම්බන්ඳ දැන්වීම් (කිරිපිටි සමාගමක් විසින් ප්‍රචාරය කරන ) මගින් මෙරට සමාජයට ලබාදෙමින් පවතිනුයේ මීට හාත්පසින්ම වෙනස් පනිවිඩයක්.එම පිරිස පවසන්නේ මෙය වයස 50 ඉක්මවූ කාන්තාවන්ට පමනක් වැළඳෙන රොගයක් බවත් , එම කිරිපිටි වර්ගය පානය කිරීමෙන් එම තත්වය මග හරවා ගත හැකි බවත්ය.සමාජයේ යහපත උදෙසා යැයි කියමින් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක්ද සම්බන්ඳ කරගනිමින් මෙවැනි දැන්වීමක් ප්‍රචාරය කරන බව සමාජයට පෙන්වූවත්,මෙය ඔවුන්ගේ කිරිපිටි විකුණා ගැනීමටම පමනක් සීමාවූ දැන්වීමක් බව අපට පැහැදිලි වන්නේ මෙම දැන්වීම තුල මෙය කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගයක් ලෙස හුවා දැක්වීම , එය වලක්වාගැනීමට එම කිරි පිටි වර්ගය පානය කරන ලෙස කරන ඉල්ලීමෙනුත්ය.තවද මෙම කැල්සියම් සිරුරට ලබා ගැනීම , කාන්තාවකුගේ සම්පූර්ණ වර්ධනයට පෙර (වයස 25 ට පමණ පෙර ) කල යුත්තක් බව නොපැවසීම තුල ඔවුන්ගේ කුහකත්වය තව තවත් තහවුරු වෙනවා.

    ඉතින් මෙවැනි තත්වයක් තුල අපේ කාන්තාවන් වැඩි වැඩියෙන් එම කිරි පිටි බීමට නැඹුරු වී සිටිනවා.ඒත් රෝගයෙන් මිදීමට එය පමණක් ප්‍රමාණවත් ද යන්නත් ,එම කිරි පිටි වර්ගයෙන් අවශ්‍ය කැල්සියම් සිරුරට ලැබෙනවාද යන්නත් අප ඉදිරියේ තිබෙන ප්‍රධාන ගැටළු කීපයක්.

වෛද්‍යවරුන් පවසන පරිදි මෙම රෝගයෙන් මිදීමට කළ යුතු දෑ මේවාය ;


1) දිනපතා ව්‍යායාම කිරීම
2) පූර්ණ වර්ධනයට පෙර හොඳින් කැල්සියම් සිරුරට ලබා ගැනීම (වයස 25 ට පෙර )
3) අලුත් පලතුරු ආහාරයට එක් කර ගැනීම , ජලය යහමින් පානය කිරීම සහ ක්ෂණික ආහාර වලින් හැකි තරම් ඉවත් වී ස්වභාවික ආහාර ගැනීමට පුරුදු පුහුණු වීම
4) නිවැරදි ඉරියව් පවත්වාගැනීම
5) මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම

     එම නිසා මෙවැනි පෙරකී පෞද්ගලික සමාගම් විසින් මාධ්‍ය හරහා සමාජගතකරන පනිවිඩ කෙතරම් දුරට සත්‍යදැයි පරීක්ෂාකර බලා,සමාජගත මෙවැනි සුලභ රෝග තත්ව හා ඒවායෙන් මිදීමට ගතයුතු නිවැරදි ක්‍රියා මාර්ග මොනවාද යන්න පිලිබඳව රජය හා සෞඛ්‍ය අංශ විසින් , සමාජය නිවැරදිව දැනුවත් කළ යුතු කාලය එලඹ ඇති බව මගේ පෞද්ගලික හැඟීමයි.

මේ පිලිබඳව ඔබේ අදහස කුමක් ද?

වැඩි දුරටත්  දැනගැනීමට ( ඉංග්‍රීසියෙන් ) :