ඇත්තටම මම හුඟක් කල් ඉඳන් බ්ලොග් කියෙව්වා,කමෙන්ට්ස් දැම්මා ; බ්ලොග් මැරතන් දුවද්දී බලන් හිටියා,වතුර ගැහුවා; ඒත් මම නිර්නාමිකව හිටපු නිසා කවුරුවත් මාව අඳුනන්නේ නැහැ.ඔන්න ඒ නිසා මම හිතුවා මගේම අදහස් එකතු කරලා,මගේම කියලා සිංහල බ්ලොග් එකක් ලියන්න.
ඇත්තටම සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න මාව පෙලඹුණේ සිංහලෙන් දැනට තියෙන බ්ලොග් ප්‍රමාණය සහ ඒවායේ තියෙන ගුණාත්මක වටිනාකම දැකලයි.අනිත් කාරණය , අපි කොච්චර ඉංග්‍රීසි පාවිච්චි කලත් , අපේ භාෂාවෙන් ලියවුනු දෙයක් කියවනකොට දැනෙන තරම්,ඇඟටවත් හිතටවත් ඒක නොදැනෙන එක ස්වභාවිකයි.මොකද අපි ඉපදුනු දවසේ ඉඳන් ඇහුවෙ,කිව්වෙ,ලිව්වෙ අපේම මව් භාෂාවෙන් මිසක් පර භාෂා වලින් නෙවෙයිනේ.
ඒක නිසා,සමහරු කොහොම කිව්වත්,අපිට වටින්නේ අපෙ මව් භාෂාවයි. ඉතින් මව් භාෂාවෙන් සයිබර් අවකාශය තුල කියවන්නන්ට,මේ සිංහල බ්ලොග්ස් වලින් ලැබෙන දැනුම අප්‍රමාණයි.ඔන්න ඒ අප්‍රමාණ දැනුම් සාගරේට මගෙනුත් පුංචි දායකත්වයක් අද ඉඳන්.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හමුවෙමු නැවතත්!!!! ඔබට ජය!!!!
රසවත් හරවත් දිගු ගමනකට සුබපැතුම් සහෝදරයා!
ReplyDeleteස්තුතියි සහෝ
ReplyDeleteඅෆ්ෆට සිරි උඹත් එහෙනම් අපිත් නොකියා වැඩේට බැස්සා නේ....හොඳා මලේ....සුභ අනාගතයක්....එහෙනම් සිංහල වියුණු ලෝකයට සාදරයෙන් පිළිගන්නවා... :)
ReplyDeleteස්තුත්යි මල්ෂාන්.මම මේක ලියන්න හිටපු බව මුලින්ම කිව්වෙ උඹට කියලයි මගෙනං මතකය :)
ReplyDeleteදිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්...........
ReplyDeleteස්තුතියි සහෝ
ReplyDeleteසිංහල බ්ලොග් කෙරුවාවට සාදරයෙන් පිළිගන්නවා!!!
ReplyDeleteදිගටම වැඩේ කරගෙන යමු මචෝ....
ස්තුතියි සහෝ
ReplyDelete