Saturday, June 26, 2010

"මත්පැන් පානයෙන් , යෝග ව්‍යායාමවලින් ලැබෙන ප්‍රතිඵලම ලැබේ." නවතම පරීක්ෂණ වාර්තාව!

මත්පැන් ගැන මම වතාවකුත් ලිපියක් දැම්මා.ඒ වුණාට ඒකේ නොකියා කිව්වේ බොන්න එපා කියලනේ.මෙන්න මම අද කියනවා කශ්ටියටම "වැටෙන්න බොන්න" කියලා!

ඇයි දන්නවද?ඔන්න නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා , වැටෙන්න බිව්වම ඇඟට ලැබෙන ව්‍යායාම සහ යෝග ව්‍යායාම අතර ලොකු වෙනසක් නෑ කියලා.ඉතින් සෞඛ්‍යමත්ව ඉන්න ඕනිනං , ඔන්න අදම බොන්න පටංගන්න!

පරීක්ෂණය හරිම අවිධිමත් ලෙස සිදු කල එකක්.ඒත් ප්‍රතිඵල පුදුම සහගතයි!

මෙන්න ඒ පරීක්ෂණයේ සමහර අවස්ථාවලදී ලබාගත් ඡායාරූප කීපයක්.එම ඡායාරූපවල මුලින් දක්වලා තියෙන්නේ නියම යෝගාසනයේ ස්වරූපය.ඊලඟට දකුණු පැත්තේ තියෙන්නේ , මත්පැන් ජයටම පානය කරලා ඉන්න උදවිය.බලන්න ඒ ආසනවල ඒ උදවිය ඉන්න අපූරුව!

සවාසන - ඇඟ ලිහිල් කිරීමේ ආසනය



බලාසන - විඩාබර බව තුරන්කර මනස සැහැල්ලු කිරීමේ ආසනය



සෙටු බන්ධ සර්වාංගාසනය - වෙහෙසකර මොලය සන්සුන් කරන අතරම විඩාපත් පාද සැහැල්ලු කරයි




මර්ජ්‍යාසන - කොඳු ඇටපෙළ සහ යටිබඩ පෙදෙස ශක්තිමත් කරයි

හලාසන - කොන්දේ අමාරුව සහ නින්ද නොයාමේ රෝගවලින් ඔබව මුදවයි

ඩොල්ෆින් - උරහිස් පෙදෙස් , පපු පෙදෙස , කකුල් සහ අත්වල සුවතාවයට


සලඹාසන - බඩ , යටිබඩ සහ ප්‍රජනන අවයව ශක්තිමත් කරයි

ආනන්ද බලාසන - උකුල පෙදෙසට ව්‍යායාම ලබාදේ

මලාසන - කකුලේ වලලුකර සහ පිටුපස අස්ථි ශක්තිමත් කරයි

-----------------------------------------------


දැන් ඉතින් පේනවනේ බිව්වාම ලැබෙන ප්‍රයෝජන!

බලන්න ඒ උදවිය ලස්සනට යෝගාසනවල ඉන්න හැටි!

ඔයාලත් මීට පස්සේ බොනවනම් , වැටෙන්නම බොන්න!එතකොටයි සෞඛ්‍යට සනීප!

ප.ලි. : මේ සියලු ඡායාරූප ලැබුණේ විද්‍යුත් තැපැල් මාර්ගයෙන්, මගේ මිතුරකුගෙන්.ඔහුට විශේෂ ස්තුතිය!

16 comments:

  1. හප්පට සිරි....කව්ද දන්නේ මෙහෙම හොඳක් තියනවා කියලා....
    නවත්තපු තැනින් පටන් ගන්න වෙයි වගේ ආයේ...

    ReplyDelete
  2. නිකන් බිව්වම තමයි අවුල. බොන එක වැටැන්න ම බොන්න ඕන...හික්ස්

    ReplyDelete
  3. මම නම් බොන වෙලාවට හොදටම බොනවා... කෙලින් ඉන්න බැරි වෙලාවට හාන්සි වෙලා බොන්නේ...!!! හාන්සි උනාම නැගිටින එක තමා අවුල...!!!! කොහොම උනත් බිව්වම, ඔය පින්තූර වල විදියට තමා ගොඩක් වෙලාවට මම ඉන්නේ...!! හැබයි බෝතලයක් වත් තනියම ගහන්න ඕන මේ මහසෝණා වැටෙන්න....!! නැතුව බෑ...!!!!

    කොහොම කොහොම හරි මහසෝණත් දන්නෙම නැතුව යෝගී කරල තියෙනවමෙහෙනම්.... :D :D :D :D

    ReplyDelete
  4. පට්ට පෝස්ට් එකක්..මයියට නම් මද පවනේ, තෙලක් දී ගේන සෙට් වෙන එක තමයි ජොලිය..ආ අනිත් එක ම්යියා දැන් සැන්ඩි කරnනේ අයිස් කැට..scotch with rocks

    ReplyDelete
  5. ඕම් කාරයට නමස්කාර කරලාම වැඩේ පටන් ගත්තා නම් තමා හොඳ.......

    පාතාංජලී සෘෂිවරයා මේවා දැනගෙන ඉන්නේ නැතිව ඇති...

    ReplyDelete
  6. අප්පට සිරි කිව්වලු...මාත් ගෝග කරන්න හිටියෙ දැන් නම් ඒක නවත්තල වැටෙන්නම බොන්න ඕනේ :ඪ්

    මැක්සා පෝස්ට් එක අයියෙ....අලුත් ටෙම්ප්ලේට් එකත් සිරා

    ReplyDelete
  7. @ චමිදේවා - හෆ්ෆා....මතක තියාගන්න , "බොනකොට වටෙන්නම බොන්න"

    @ කොඩී - සිරාවට මචෝ!

    @ මහසෝණා - හිකිස්!

    @ maiyyagelokaya - එහෙනං සෞඛ්‍යට හොඳයි!

    @ Hasitha - සිරාවට!

    @ Hasitha ජයසූරිය - හික්ස්..හැබැයි මතක තියාගන්න "බොනකොට වටෙන්නම බොන්න" :ඪ්

    thanks මල්ලියෝ!

    ReplyDelete
  8. අම්මපා ගහනවා නම් කරටි කැඩෙන්න ගහන්න ඕනේ ~

    ReplyDelete
  9. හැමදාම බ්ලොග් එකට ගොඩ වැදුනට වැඩිය කමෙන්ටු දාලා නැතිව ඇති මම, අලුත් ටෙම්ප්ලේට් එක මරු..!
    :D පෝස්ට් එකත් නියමයි..!

    ReplyDelete
  10. @ හිඟන්නා - හික්ස්..

    @ Ansh Lucky Sri Jay - ස්තුතියි සහෝදරී!

    ReplyDelete
  11. අනිව බොන කොට වැටෙන්නම බොන්න ඕනේ :D:D

    ReplyDelete
  12. එහෙනම් බොමු යකුනේ!!!! බොමු!!!!

    ReplyDelete
    Replies
    1. බොනවානම් බොමු ස්වාමිනි!!! :)

      Delete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D