Saturday, June 19, 2010

ජීවිතේ සතුටින් ඉන්න අතපය ඕනිද?

"අපිට බෑ" ,
"අපිට අර පහසුකම නෑ",
"මේ පහසුකම නෑ",
"ඒව නැතුව මේව කරන්න බෑ",
"මට ජීවිතේ එපා වෙලා",
"මට මුකුත් නෑ",
"මට මුකුත් බෑ"


මේ වගේ කතා අපේ ජීවිතේදි කොච්චරක්නං කියලා ඇද්ද?

අනිත් අය කියනවා ඇහිලා ඇද්ද?

1) "ජීවිතේ කියන්නේ මොකක්ද?"  2) "සතුට කියන්නේ මොකක්ද?"

     ඔන්න ඔය ප්‍රශ්න දෙකට හරිහැටි උත්තර හොයාගන්න බැරිවුණු අපි තමයි ඔය පෙරකීවා වගේ වදන්
දොඩවන්නේ.මේ ලිපිය ලියන මම වුණත් ඔය ගොඩේ තමයි.මොකද අපි හුඟදෙනෙක් තාමත් ජීවිතේ දිහා බලන්නේ , අපිට පුරුදු කරල තියෙන විදියට මිසක් ජීවිතේ දිහා බලන්න ඕනි විදියට නෙවෙයිනේ.

හැබැයි මට අද හම්බුණා මම ගොඩාක් කාලයක් හොය හොයා හිටපු වීඩියෝ කිහිපයක්.පහලින් තියෙන වීඩියෝ කිහිපය බලලා මොහොතක් හිතන්න අපි අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන දේවල් ගැන මැසිවිලි නඟන එක සාධාරණද කියලා.

-----------------------------------------------------------------











 ----------------------------------------------------

මොකද හිතුණේ?පුදුමයිද?

දැන් මොකද හිතන්නේ ජීවිතේ ගැන?අපිට කළ නොහැකි දෙයක් තියේවිද?

 හිතන්න අපි කොච්චර පොඩි ප්‍රශ්න නිසාද ජීවිතේ ගැන දුක් වෙන්නේ කියලා.ඒ අතරම හිතන්න අපි කොච්චර වාසනාවන්ත මිනිස්සුද කියලා?

 අපි අද ඉඳන් ජීවත් වෙන්න ඉගෙනගමු.ජීවිතේ ගැන අසුභවාදී නොවී , ජීවිතේ සැබෑ සතුට සොයාගෙන යමු!ඒ වීඩියෝ පෙළේදි , ඒ අපූරු මිනිසා කියන ආකාරයට ,

"ඔබේ දෙවියන් ජීවත් වන්නේ ඔබ තුළමය!ඔබේ ජීවිතය ජයගැනීම ඔබට පමණක්ම කළහැක."


අපි ජීවිතේ සැබෑ සතුට අත්විඳිමු. ජීවිතේ, සතුටින් ජීවත් වෙමු!

------------------------------------------------------------------------------------------------------------

ප.ලි. : මෙම වීඩියෝව කිසිදු ආගමික අරමුණකින් තොරව ඔබේ ජීවිතයට යහපත් අරමුණක් සහ ස්වයං අභිප්‍රේරණයක් ඇතිකිරීම සඳහාම පමණක් යොදාගත්බව කරුණාවෙන් සලකන්න.

16 comments:

  1. ජිවිතය පුදුමාකාරයි !!!

    ReplyDelete
  2. හොඳ ලිපියක්. මේ වීඩීයෝ නම් කලින් බලලා තියෙනවා...
    ජීවිතේ අපිට දෙන දේ අපි අභියෝගයක් විදියට බාර ගත්තම ජීවිතේ දිනන්න පුළුවන්...නේක මම අත්දැකීමෙන් දන්න දෙයක්....

    ReplyDelete
  3. @ හිඟන්නා - අනිවා!!

    @ දිල් - ස්තුතියි අක්කේ!ඔයාගේ අත්දැකීම්නං අපිට පාඩම් ගොඩාක් කියලා දෙනවා!ඔයා ඒවා ලියලා අපිත් එක්ක බෙදාහදාගන්න එක ඉස්තරම් කාර්යක්!

    ReplyDelete
  4. ඇත්ත,, ජිවිතෙ අපිට සමහර වෙලවට,,, හිනාවෙන්න අඩන්න ගොඩක් දෙවල් දෙනවා,,, මේ අතරින් අපිට අපි මොනටද හුගක් කැමති,, එ දි අපිට තියගන්න බැ,,විසික් කරන්නත් බැ.. අපිට ලැබෙන දේ සතුටින් බාර ගත්තම හැම දෙම හොදින් වේයි කියලා හිතන්න පුලුවන්,,,

    ReplyDelete
  5. තෑන්ක්ස්.....තෑන්ක්ස්....මචන්...
    මමත් හොය හොය හිටපු වීඩියෝ ටිකක් තමයි මේ...
    තෑන්ක් ආයෙත්...

    ReplyDelete
  6. @ හිතුවක්කාර සිත - කතාවට 100%ක්ම එකඟයි!

    @ චමිදේවා - වෙල්කම් සහෝ!

    ReplyDelete
  7. මේවා බලද්දි හිතෙනවා මචන් අත, පය තියන් අපි කරලා තියෙන්නේ මොන තරම් සුලු වැඩ කොටසක්ද කියලා.

    ReplyDelete
  8. අපි අපිට ලැබිල නැති දේවල් ගැන දුක් වෙනවට වඩා අපිට ලැබිල තියෙන දේවල් ගැන සතුටු උනා නම් ගොඩක් ප්‍රශ්න අඩුයි...

    ReplyDelete
  9. කරදර දහසක් හමුවී
    සිටියැකි නම් සිනා වෙවී
    ඔහු මෙලොවට පහල දෙවී
    රජකැයි සලකනු මැනවී...

    ඔන්න ඔහොමයි රහුල හාමුදුරුවොත් කියල තියෙන්නෙ..

    ReplyDelete
  10. සමාවෙන්න. මහින්ද හාමුදුරුවො තමයි ලිව්වෙ

    ReplyDelete
  11. @ අභීත - කතාව සහතික ඇත්ත නේද?බුදුහාමුදුරුවෝ තමයි අපිට ඔය පාඩම මුලින්ම කියා දුන්නේ.

    ස්තුතියි දැනුම බෙදාහදා ගත්තාට සහෝ!

    ReplyDelete
  12. @ හුටපටයා - කියලා වැඩක් නෑ!!අපිට අපි ගැනම දුකයි!අපි මොනවද මේ නටන නාඩගං!අපිට මෙච්චර දේවල් ලැබිලා තියෙද්දිත්!

    ස්තුතියි මේ පැත්තේ ආවාට සහෝ!

    @ කොඩී - සහතික ඇත්ත මචං!

    ReplyDelete
  13. උබ දන්නේ නැති උනාට මෙ ලිපිය මට මාරම ශක්තියක් එක්කරන්වා....ස්තුතියි සහෝ.......

    ReplyDelete
  14. @ ඉලංදාරියා - ඒක මට සතුටක් සහෝ!

    ReplyDelete
  15. බරිස් පලෙවොයි අලෙක්සේයි මරේසියව්ගේ කතාව පාදක කරගෙන ලියපු සැබෑ මිනිසෙක්ගේ කතාව තමා මට මතක් වුණේ.

    ඒ පොතේ එක තැනක මෙහෙම කියමනක් තියෙනවා " දෙපා දෑස් අහිමි වුවත් ආත්ම ශක්තීයෙන් යුත් උදාර පුරුෂයා නියතයෙන්ම සැබෑ මිනිසෙකි " කියලා

    ReplyDelete
  16. @ Hasitha - සිරා කියමන!සහ පොත ගැන කියන්න දෙයක් නෑ!ජීවිතේ කියවපු හොඳම පොත් වලින් එකක්!

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D