Saturday, June 5, 2010

මත්ද්‍රව්‍ය බීමේ අවසාන තරඟයේ ජයග්‍රාහකයින්

මේ පින්තූර ටික මට ලැබුණේ යළුවෙක් හරහා විද්‍යුත් තැපෑලෙන්.

මොනවාවුණත් බොන අයට වෙන දේවල් මේවයි කියලා බලාගන්න ඕං මම මේ ටික දානවා.

මේ ටික බලලා , තමන්ම හිතල බලන්න බොන එකෙන් තමන්ට ලැබෙන්නේ මොනවද කියලා.තමන්ගේ තත්වය , ගෞරවය නැතිවෙනවා නේද කියලා හිතල බලන්න.
----------------------------------------------------------------------------------------------------------

~~ මත්ද්‍රව්‍ය බීමේ අවසාන තරඟයේ ජයග්‍රාහකයින් ~~
[බලන්නකෝ කට්ටිය ඉන්න ලස්සන]

7වන ස්ථානය


6වන ස්ථානය



5වන ස්ථානය



4වන ස්ථානය



3වන ස්ථානය



2වන ස්ථානය




සහ ජයග්‍රාහී ප්‍රථම ස්ථානය




----------------------------------------------------------------------------------------------------------
මේ වගේ තරඟ ලංකාවෙනං හැමදාම තියෙනව නොවෑ.ඒවා බොහෝමයක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්නත් බැහැ.මොකද ඒ අය වැඩිපුර ඉන්නේ අනවශ්‍ය දේවල් එලියේ දමාගෙනනේ.

කවුරු කවුරුත් බිව්වාම පිටතට නොපෙන්නුවත් , හිත ඇතුල මේ වගේම තමයි. අන්දුන් කුන්දුන්!!!!

ඉන්නේ කොහෙද , කරන්නේ මොනවද කියලා ඒ අයම දන්නේ නැහැ.

පව් ඉතිං !!මොනවා කරන්නද? අපි මේ වගේ අයට අනුකම්පා කරමු.

14 comments:

  1. ආයි ශම්මා.....බලපල්ලකෝ නිදා ගත්තම තියෙන ලස්සන.... :D
    ලොවෙත් නෑ... හික්ස්

    ReplyDelete
  2. ජයවේවා!!!!

    මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කාර්යයට උඹත් සෙට් වුණු එක ගැන නම් සතුටුයි මිත්‍රයා :)

    ReplyDelete
  3. බ්ලොග් කට්ටිය බරටම මතට තිත වගේ...

    ReplyDelete
  4. වදින කෙනාට නියමෙට වදින්නම ලියල තියෙනවා....ඒ වුනාට අපේ රටේ ඉන්න ගොං හරක්ට මේවා තියා ප්‍රසිද්ධියේ එල්ලනවා කීවත් බොන එකනම් නතර කරන්නෑ‍‍‍.....

    ReplyDelete
  5. @ කොඩි - කියල වැඩක් නෑ කොල්ලෝ!!!

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දෙල්කඳ පොළෙත් නෑ!!!!

    @ හසිත - මම කිරිබොන කාලේ ඉඳන් මේකට සෙට් බං :))))

    පටං ගත්තෙ අවුරුදු 3 දි විතර පාර්ටියකදි තාත්තාගේ කටේ තිබ්බ සිගරට් එකක් අරන් වීසි කොරල:)))) කොහොමද මගේ වැඩ!!!!

    @ තිසර - හික්ස්...ලංකාවේ උං පිටරට උං ලියල වෙනසක් නෑ නේද බං??බිව්වම ජබොස් ගාල ඩවුන්!!!!

    @ පිස්සා - අනේ සහෝ...අපි බොන්නෙ නැති එක වෙනම කතාවක් , ඒත් බොන උන්ට බොන්න එපා කියල බණ ටෝක් නං අපි දෙන්නේ නෑ ඕං!!!

    මේවගේ දේවල් ඉඳලා හිටලා දැම්මම ලැජ්ජයි ලැජ්ජයි වගේනං ඉතිං ...අනේමංදා!!!!ඒත් ඉතිං ඒක බොන උන්ගේ අක්මාව සහ ලැජ්ජාව පිළිබඳ ප්‍රශ්නයක්

    ReplyDelete
  6. @ හසියා - ස්තුතියි ප්‍රතිචාරයට.කියල වැඩක් නෑ බං.අපේ උන් බීල බීල මැරුණත් කියයි , 'ආතල් බං' කියලා.

    හරක් කියල නම් කිරීම හරක්ටත් අගෞරවයක් මචං :)))

    ReplyDelete
  7. කවුරු මොනවා කිවුවත් මොකද මාත් ඔය විදියට නොවැටුනා උනත් ඛෙබද්දන්ගේ සංගමෙ තමයි..
    කැමතිනං ඉතින් මටත් ගොං හරකයි කියලා කියන්න..හැබැයි අපි සැලෙන්නේ නැහැ....

    මෙතන ඉන්න හොඳ ළමයි අතරෙ අපි වගේ උනුත් ඉන්න එපෑ..

    ReplyDelete
  8. මාරයාගේ හෝරාව වෙත - සහෝ!!! බොන නොබොන එක තමංගේ පෞද්ගලිකත්වය.ඒකට කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න බැහැ.ඔබේ කැමැත්ත , ඔබේ තීරණය !!! මොකද මත්පැන දිහා එක එක අය බලන්නෙ එක එක විදියට.මේක දැම්මේ බොන මිනිස්සුන්ට මෙහෙමත් වෙලා තියෙනවා කියන එක පෙන්නන්න විතරයි,ඔබේ පෞද්ගලිකත්වයට බාධා කරන්න නෙවෙයි සහෝ!!!

    @ milan - :)

    ReplyDelete
  9. ඇ එහෙම නම් අවුලක් නැහැ..

    ReplyDelete
  10. ඕවට කවදාහරි විඳවන්න වෙයි, සිරෝසිස් වගේ ලෙඩක් හැදුනම!

    ReplyDelete
  11. බලෙං පොවල නෙවෙයිනේ අපි මක් කරන්නද පැටියෝ :) මම බොන්නේ නෑනේ!! :) ඔයාට ඒ මදැයි නේ ? :)

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D