Friday, June 4, 2010

බොලිවුඩ් කැමරාව ඉදිරියේ වියපත් මන්ත්‍රීතුමාගේ ක්‍රිකට් හැකියාව නිරුවත් වේ...

              කවුරුත් දන්නා පරිදි ලංකාව තුළ මේ වන විට ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ එක් ස්වර්ණමය උළෙලක් පැවැත්වෙනවා.ඒ තමයි අයිෆා (IIFA) සම්මාන උළෙල.මීට සමාන්තරව විලාසිතා දැක්මක් සහ ක්‍රිකට් තරඟාවලියක්ද පැවැත්වුණා.බොලිවුඩයේ සුපිරි තරු සහභාගීත්වය සහිත මෙම අවස්ථා කෙරෙහිද මුළු ලොව පුරා විසිරී සිටින බොලිවුඩ් ලෝලීන් ඇස් දල්වා බලා සිටින්නේ සම්මාන උළෙලට දක්වන්නා තරම්ම වූ කුතුහලයකින්.

    විලාසිතා දැක්ම ඊයේ (ජුනි 3) රාත්‍රියේ පැවැත්වූවා.එය නැරඹීමට අප වැනි හුදී ජනයාට අවස්ථාවක් තිබුනේ නැහැ.ඒත් අද තිබිච්ච (ජුනි 4) සුපිරි තරු සහභාගී වුණු ක්‍රිකට් තරඟයනං රූපවාහිනියෙන් පෙන්නුවා.අපිටත් ඉතිං ක්‍රිකට් කිව්වොත් වෙන මුකුත් එපානේ , ඉතිං මම අද මේ මැච් දෙක බැළුවා.

     මැච් එක බලන්න ඇවිත් හිටපු කෙල්ලො කොල්ලො දඟලපු හැටි දැක්කම මට පුදුමත් හිතුණා , මම මේ ඉන්නේ ලංකාවෙද එහෙමත් නැත්තං ඉන්දියාවෙද කියලා.එච්චරටම ආසාවක් , ආදරයක් තමයි අපේ මිනිස්සුන්ගෙ හැසිරීමෙන් ප්‍රකාශ වුණේ.(ඒක ගැන වෙනම සටහනක ලියන්න තමයි ඉන්නේ :)))) )

      පළවෙනි මැච් එක තිබ්බේ සංගක්කාරගේ කණ්ඩායමයි , සුනිල් ශෙට්ටිගේ කණ්ඩායමයි අතරේ.තරඟයේ කාසිය වාසිය බලන්න කාසිය උඩ දාන්න ආවේ නාමල් රාජපක්ෂ මැතිතුමා.හැබැයි ඒ වෙලාවේ කාසියක් තිබුණේ නැහැ උඩ දාන්න.වෙලාවට ලඟ හිටපු පොරක් සාක්කුව අතගාලා රුපියලේ කාසියක්ද කොහෙදෝ හොයලා දුන්නා.ඔන්න සංගා දින්නා.

     සංගා බැට් කරන්න තීරණය කලා.ඕපනින් ආවේ අපේ කලුවිතාරණයි අවිශ්කයි.ගැහුවා ගැහුවා....නළුවන්ට එලෝ එලෝ ගැහුවා මුං දෙන්නා.ඒ අස්සේ බෝල් කරපු අපේ ක්‍රිකොට් ටීම් එකේ මහරුෆ්ටත් (තරු ටීම් එකේ මහේලයි , මහරුෆුයි , විනොද් කම්බ්ලියි හිටියා) මුං දෙන්න ගැහුවා උණ ගැනෙන්න.

     ඕවර 5ක් වෙනකොටත් කවුරුත් අවුට් නොවිච්ච නිසා , කලුවයි අවිශ්කයි ක්‍රීඩාගාරයට ගියා සිය කැමැත්තෙන්ම.ඊට පස්සෙ ආවෙ සංගයි අරවින්දයි.ඔහොම ගහගෙන ගහගෙන ගිහිං අන්තිම ඕවරේදිත් රුවන් කල්පගේ ගැහුවා විනොද් කම්බ්ලිට 6 ඒවම 4ක්!!!!

     ඉතිං කොහොමින් කොහොමින් හරි ඕවර 10 ය ඉවර වෙද්දී සංගාගේ ටීම් එක 141 ක් ගහල තිබ්බා කවුරුත් නොදැවී.ඒත් පිතිකරුවො 4 දෙනෙක් සිය කැමැත්තෙන් ඉවත් වුණා අනික් පිතිකරුවන්ටත් අවස්ථාවක් දෙන්න ඕනි නිසා.ඊට පස්සෙ බැට් කරන ආවේ තරු කණ්ඩායම.ඕවර 10 ඉවර වෙනකොට තරු කණ්ඩායමට ගහන්න පුලුවං වුනේ ලකුණු 78 ක් විතරයි.ඉතිං සංගලා දින්නා.

හොඳම තරඟේ ඊලඟ එක.මේක තිබ්බේ කලින් තරඟේ දිනපු සංගාගේ කණඩායමයි රිතික් රොෂාන්ගේ කණ්ඩායමයි අතරේ (රිතික්ගෙ කණ්ඩායම උණාට රිතික් හිටියේ නෑ ඕං!!!!)

    මේකෙත් කාසිය වාසිය දින්නේ සංගා.ඒත් නිවේදක මන්දිරා බේඩිගේ තනි තීරණය අනුව ප්‍රතිවාදීන්ට අවස්ථාව දුන්නා තීරණය කරන්න මොකද කරන්නේ කියලා.ඔවුන් ආරාධනා කලා සංගලට බැට් කරන්න කියලා.

     ඉතිං සංගලා ආපහු ගැහුවා.ඔන්න ඕපනින් බැට්ස්මන්ලා දෙන්නා ආවා.අප්පට හුඩු!!!!අවිශ්ක සමග නාමල් රාජපක්ෂ මැතිතුමා!!!!ඔන්න පලවෙනි ඕවරේ නාමල් ගැහුවා 4ක්.ඊට පස්සේ 5 වෙනි බෝලෙට අවුට් වෙලා ගියා.ඊලඟට ආවා සංගා.ඒත් සංගටයි අවිශ්කටයි වැඩිවෙලා ඉන්න හම්බුණේ නැහැ.දෙන්නවම අවුට් කරගන්න අජේ ජඩේජා සමත් වුණා.

     මීලඟ පිතිකරුවා!!!!!!!!!!!කවුද??????කවුරුත් නෙවෙයි අපේ මුත්තයියා!!!4 වෙනියට ආවේ මුත්තයියා.මම හැමදාමත් කියනවා මුත්තයියාගේ පිතිකරණයට මීට වඩා තැනක් ලැබෙන්න ඕනි කියලා ලංකා කණ්ඩායම ඇතුලේ.:)))))))අදවත් අවස්ථාවක් ලැබුණා කියලා මමත් සතුටු වුණා.මගේ කියමන ඇත්ත කරලා මුත්තයියා ගැහුවා දැවැන්ත 6ක් අපේ මාලිංගගේ පන්දුවකට.[මාලිංග එක තැන ඉඳන් සීනි බෝල පන්දුවක් තමයි දැම්මේ.අනික 4 සීමාව යාර 40 ක තමයි තිබ්බේ.ඒ මොනා උණත් දෙයියනේ 6ක්නේ!!!!:))))))))))))]

    ඊලඟ ඕවරේ අපේ වියපත් මන්තිරිතුමාගෙන්.මිනිහට තමයි වැරදුනේ!!!!ගැහුවා මුරලි 6 ඒවා 2ක්ම එකපිට.පොඩ්ඩක් හිතන්නකෝ, සනත් බෝල් කලේ , 6 දෙකම ගැහුවේ මුරලි!!!!! ෆන් එකේ උපරිමය!!!!ඊලඟට බැට් කරන්න ආවේ කවුද???කවුද ඉතිං!!!!සුනිල් ශෙට්ටි!!!!කලිං මැච් එක පැරදිච්ච කණ්ඩායමේ නායකයා!!!මෑන්ස් සංගගේ කණ්ඩායමට මාරුවක් අරං :))))

       කොහොම කොහොමහරි ඕවර 10 තරඟේ ඕවර 8කට සීමාකලා ආලෝක තත්වය අවුල්වෙන නිසා.තරු කණ්ඩාඅයමේ ඉලක්කය වුණේ ලකුණු 88ක් පන්දු වාර 8 ක් ඇතුලතදි.දැන් ඉතින් තරු කණ්ඩායමේ බලාපොරොත්තුව වුණේ සනත්!!!!(සනත්,මාලිංග,අජේ-ජඩේජා තරු පිලට ක්‍රීඩාකළා )

     සනත් ආවා,සනත් ගියා!!!!
      ලකුණු ගැහුවදත් මන්දා.ඕක ඉතිං අපිනං දැනං හිටියා.(යාර 40 පිට්ටනියකදිවත් [මුරලිට වුණත් 6ක් ගහන්න පුළුවං තැනක] සනත්ට අයෙමත් 6ක් ගහන්න බැරි බව.)ජොලිම වැඩේ කියන්නේ සනත් අවුට් වුණේ අපේ සංගක්කාර යවපු බෝලෙකට!!!!:))))

    කොහොමහරි අන්තිමට තරු කණ්ඩායම පැරදුනා ලකුණු 16කින්.

  මොනවා වුණත් තරඟ දෙකම ඉතාම විනෝදජනකයි.බැට්ස්මන් අවුට් උණාම බෝල්කරපු එකා ගාවට ගිහිල්ලා සුභ පතලා යනව දැක්ක එකම තරඟාවලියත් මේක.ඉතිං තවත් කවර කතාද!!!!! :)))))

   මොනා වුණත් අපේ මන්තිරිතුමා (සනත්) බොලිවුඩ් කැමරාව ඉදිරියේ ආපහු තමන්ගේ හැකියාවත් එක්ක නිරුවත් වුණාදෝ!!! කියලා මට හිතුණා.


 [ෆොටෝ එක ගත්තු තැන ඔන්න ෆොටෝ එකේම තියෙනවා]

ඔයාලට මොකද හිතුණේ ? හිතෙන්නේ ?

15 comments:

  1. සනත් තවදුරටත් ජාතික කණ්ඩායමේ සිටිය යුතුයැයි මා සිතන්නේ නෑ. නමුත්, මෙවැනි තරඟයකින් ක්‍රීඩකයෙකුගේ දක්ෂතාවන් මනින්න බැහැ. හිතන්න, අද පන්දු යැවූ කීදෙනෙක් පන්දුව දමා ගසන්නට ඇතිද ? :P
    ඒකනිසා සනත්ට යාර 40 ක් දුරට ගහන්න බැහැ කියයලා මේ තරඟයෙන් නිගමනය කරන්න බැහැ.

    තවද, ඔබ සඳහන්කර ඇති නම් කිහිපයක් නිවැරදි කිරීමට අවසර පතමි.
    අජේ ජඩේජා, මන්දිරා බේඩි

    ReplyDelete
  2. තර්ඩ් මෑන් සමඟ එකඟයි. එයා බොහොම ඩීප් තර්ඩ් මෑන් කෙනෙක් වගෙයි පෙනෙන්නේ. අනික කොහොමත් ජාතික කණ්ඩායමේ සනත් ඉන්න එක සමගියටත් බාධාවක් කියන එක දැන් ප්‍රසිද්ධ රහසක්.

    ReplyDelete
  3. අපරාදේ කියන්න බැහැ අපිටත් හෙණම ෆන් එකක් තමා ඊයෙ කට්ටිය දුන්නේ. වැඩියෙන්ම ෆන් එක දුන්නේ නාමල් මන්ත්‍රීතුමා. සනත් මන්ත්‍රීතුමා ගැන නම් කතා කරන්න දෙයක් නැහැ.

    ඒත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වුණාම ඉතින් කරන්න දෙයක් නහැ

    ReplyDelete
  4. @ thirdman - ස්තුතියි වැරදි ටික පෙන්නුවට.ඕං මම හැදුවා.

    කතාව ඇත්ත සහෝ.ඒත් ඔබතුමා පිලිගන්නවද එතන හිටිය ක්‍රීඩකයෝ ඔක්කොම වගේ එකම දක්ශතා මට්ටමේ කියලා? අනික මාලිංග , මුරලි , මහරුෆ් වගේ දක්ෂයෝ වුණත් තමංගේ උපරිමෙන් නෙවෙයිනේ ක්‍රීඩාකලේ.

    මම කිව්වේ සනත් ගැන බලාපොරොත්තු තියන් හිටපු තරු කණ්ඩායමේ ඒ බලාපොරොත්තු ඉටු කරන්න සනත්ට නොහැකිවුණා.ඒ නිසා ඔහුගේ හැකියාව ගැන නැවත වරක් බොලිවුඩ් තරු හිතන්න ඇති කියන එකයි.

    ReplyDelete
  5. @ leks' world - සහතික ඇත්ත.සනත් දැන් යන්න ඕනි.මිනිස්සුන්ට සනත්ව එපා වෙන්න කලින්.

    @ Hasitha - ඔව් මචෝ.ෆන් එකේ උපරිමය!!!

    මොනා උණත් නාමල්ගේ සහභාගීත්වය ගැන මුකුත් කියන්න බැහැ.මොකද ඒකෙන් පෙන්නුවා , ජනාධිපතිතුමාගේ අවධානය සහ අනුග්‍රහය 100% ක්ම මේ උළෙල සහ එහි වෙනත් අංගවලට යොමුවෙලා තියෙන බව.හැබැයි රිතික් එක්ක ප්‍රදර්ශන රථයේ නැගලා පිටිය වටේ යාම ගැන නම් ප්‍රශ්න කළ යුතුයි.

    ""ඒත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වුණාම ඉතින් කරන්න දෙයක් නැහැ"" :)))

    ReplyDelete
  6. @ චාමර:
    මට නම් ඒ ගැන මොකුත් කියන්න පුළුවන්. මොකද නළුවකුත් නොවුනු ක්‍රිකට් ක්‍රීඩකයකුත් නොවුනු නාමල් මන්ත්‍රී තුමාට එතන කරන්න දෙයක් නැහැ. ෆන් මැච් එකක් උනත් අපේ පැරණි ක්‍රිකට් තරු ගොඩේ එතුමා සෙල්ලම් කරන්න ගිය එක හරි නැහැ. එතැනින් ලෝකෙට දෙන්නේ වැරදි චිත්‍රයක්.(මට වගේම.)ඕනෙම එකකට දේශපාලනේ රිංගලා කියලා. ජනාධිපති තුමාගේ අවධානය පෙන්නන්න එතැනට ගියා නම් නියම ශ්‍රීලාංකික තානාපති කෙනෙක් වගේ ඉන්නට තිබුනා. කොහොමත් ඔතැන මහ වැරැද්දක් නම් නැහැ. ඒ උනාට බලා ඉන්න ඕනිම කෙනෙකුට මට හිතුන විදියට හිතෙන්න පුළුවන්. ඒක ලංකාවට හොඳ නැහැ කියන එකයි මගේ හැඟීම. මොකද ඕක ලෝකෙ පුරා අවධානය යොමු වෙන වැඩක්.

    ReplyDelete
  7. නාමල් මන්ත්‍රීතුමා ක්‍රීඩා කිරීම කට්ටිය වැරදි තැනින් අල්ලගෙන තියෙන්නෙ :D
    ඔයාල දන්නවද, නාමල් මන්ත්‍රීතුමාට පළමු පන්දු වාරය පන්දු යැව්වෙ කව්ද කියලා. ඉන්දියාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශෂී තරූර්. සමහරුන්ට මතක ඇති ඔහුවරක් එක්සත් ජාතීන්ගේ මහලේකම් ධූරය සඳහාද ඉදිරිපත්වුනා.(ශ්‍රී ලංකාවේ ජයන්ත ධනපාල මහතා, ද. කොරියාවේ බැන් කී මුන් වැන්නවුන් සමඟ ) ඒක නිසා නාමල් ක්‍රීඩාකළේ දෙරටේ දේශපාලනඥයන් අතර සුහදතාව පෙන්වීමේ සංකේතයක් ලෙසයි.

    @leks' world
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  8. නාමල් ටීම් එකේ හිටිය කෙනෙක් නෙමෙයි නේ. වෙන කාගෙද ටී ෂර්ට් එකක් දාගෙන ඇවිත් හිටියේ මම දැක්ක විදිහට නම්. ඒ වගේම සුනිල් ෂෙට්ටිත් අනිතිමට සංගාගේ ටීම් එකේ හිටියා නේද ?

    ReplyDelete
  9. @ leks' world - මම හිතන්නේ තර්ඩ් මෑන් කිව්වා වගේම, නාමල් ක්‍රීඩා කිරීම වරදක් ලෙස මා දකින්නේ නැහැ.ඒ වගේමයි ඔහු ඊට පෙර සූදානමකින් හිටි බවක් තිබුණෙත් නැහැ.හසිත කිව්වා වගේම ඔහු ඇඳන් හිටියේ වෙන කාගේදෝ ටී-ශර්ට් එකක්.සමහරවිට ඔහුට ඇරයුමක් ලැබුණා වෙන්න පුළුවනි තරුවකින් හෝ අපේ සනත් මන්ත්‍රීතුමාගෙන් :)))

    ReplyDelete
  10. මටත් හිතුනෙ ඕකම තමයි
    http://thisaraps.blogspot.com/2010/05/blog-post_186.html

    ReplyDelete
  11. @ Thisara - සතුටුයි සතුටුයි!!! :))))) දැන් මේක හැමෝටම හිතෙනව නොවැ!! ඒත් සනත් මන්තිරිතුමාට ගානක්වත් නෑනේ ආයිබොවන්ඩ!!!

    ReplyDelete
  12. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  13. @ third man:
    mata shashi tharoor wa matakayi. eya neda ara IPL wendesiya prashne pitupasa inne?

    ReplyDelete
  14. @ leks' world

    ow ehema kiwwath hari. ;)

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D