ජයපැන් බොන්න , ඔබත් එක්වන්න....
මෝරු හයේ ගහනා වැහි විඳ ගන්න
කොලඹ විකට් ගැලවෙන හඬ අහගන්න
අවසන් මහා තරඟෙට පේරා යන්න
සෙට් වෙමු නේද කට්ටිය ෆන් එක ගන්න
තාමත් කොළඹ කැම්පස් එක දෙවෙනි තැන
ඉන්නේ මෝරු ජය අරගෙන පළමු තැන
ජය ගත් පසුව ඉරිදා දින පේරාවල
ඉන්නට වෙන්නේ උංහට සැඟවී ගෙවල
Inter Uni කිරුල මෝරට පලඳන්න
වසරක මහන්සියෙ මුදු මල් පලගන්න
දොලොස් වසක් ගිලිහුනු කිරුලක් ගන්න
MORA සැවොම ඉරිදට පේරට එන්න
**පේරා - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
නිමිත්ත : මේ මස 15 වැනි ඉරිදා දින ,මොරටු විශ්ව විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලය අතර , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරඟාවලියේ , අවසන් මහා ක්‍රිකට් ගැටුම.
ප.ලි : මේ වනවිට මොරටු විශ්ව විද්‍යාලය , අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබෙන අතර , කොළඹ විශ්ව විද්‍යාලය දෙවන ස්ථානයේ පසු වේ.මෙම ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කළහොත් , මෙවර අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ලකුණු සටහනේ , තව දුරටත් පෙරමුණ ගැනීමට මොරටු විශ්ව විද්‍යාලයට හැකිවනු ඇත.
ගහලා හයේ හතරේ ඒවා දුරට
ReplyDeleteගලවා දමා මෝරුංගේ විකට්ටුව
දිනලා බදාගෙන ඉඹ ඉඹ ගමු කිරුළ
දෙන්නැහැ බොලව් මෝරුටනං ගෙනියන්ඩ
අපි කොළඹ.......
හීනය හොඳයි නිදියනතුරු දකින්නට
Deleteඑළිවෙන ජාමේ බය වෙයි අවදිවූවිට
වැටහෙයි ඔබව වැටුනේ ඇයි මුලාවට
ඉවසමි එතෙක් සබඳේ නැත තරහ මට...
එළකිරි!!! හොඳ මැච් එකක් බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා සහෝ!! ජය!!
අපිත් ආවා ඔවට....
ReplyDeleteආවා කිව්වේ?? තරුවා ක්‍රිකටර් කෙනෙක් වෙලා හිටියද???
Deleteනැතුව ක්‍රිකට් කොහෙද තරුවා එතනනේ...
Deleteඅහන්නත් සතුටුයි!!! :)) එහෙනං මෙදා සැරෙත් එන්න බැරිවුණත් , Moraspirit.com සයිට් ඒකෙන් ball to ball updates දෙනවා අපි , බලන්න :)))
Delete