Thursday, June 14, 2012

පටන් ගන්නේ නැද්ද ඕයි!!!



විභාග ගොඩදාගෙන ,
රෑ දවල් පොත් බදාගෙන,
නින්දක්,කෑමක් හරියට නැතුව,
විශ්ව විද්‍යාලෙට ගාටපු,
අතේ සතේ නැති,
අහිංසකයෝ ටික,
ඇස්.බී. ගේ පුරාජේරු අහ අහා,
academic , non-academic,
strike එක්ක පොරකකා,
තාමත් හොස්ටල් කැන්ටින් එකෙන්,
රුපියල් 5 ට අඩු කකා,
කර කියාගන්න දෙයක් නැතුව,
බලං ඉන්නවා,
කැම්පස් ආපහු පටන් ගන්නකල්,
උන්ගේ ජීවිත ජයගන්න,
ඩිග්‍රිය ඉවරකරලා,
ජොබ් කට්ටක් හොයාගන්න.... 


ප.ලි. : 


16 comments:

  1. කියන්න තියනටික කෙටියෙන් එළටම දීල තියනවා...මගෙ කොමෙන්ටුවක් දිගේ හොයාගෙන ආවේ...එන්නම්කො ආයිත්....

    ReplyDelete
  2. ඇත්තම තමා මචන් හොද වෙලාවට මම කැම්පස් ගියේ නැත්තේ :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන්ට දැන් එහෙම හිතිලයි තියෙන්නේ සහෝ! :( මොනවාකරන්නද!!! දුක තමයි!!! ස්තුතියි මේ පැත්තේ ආවාට... ආයෙමත් ඇවිත් යන්න එන්න....

      Delete
  3. ඔය ගැන කතා කරන්න එපා බං... ඇඩෙනවා..මට තද වෙනවා... :/

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... දැන් හැම එකාටම තද වෙනවා වෙන දේවල් දැක්කම!!! අම්මපා ලංකාවේ දේශපාලනේ!!!!!!!!!!! ඔබටත් සුභ වේවා!!! ජය!!! :))

      Delete
  4. අවුරුදු දෙකකට විතර පස්සේ මේ බ්ලොග් එකට ගොඩවුනේ, අපිව මතකද දන්නෙත් නැ.
    කොහොම උනත් කියන්න ඕන ටික හරියටම කියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවද මම මැරිලා ඉපදිලා කියලා උඹව අමතක වෙන්න??? :))) අනේ හකෝ!!! :) අපි හැමෝටම දැනෙන ප්‍රශ්නයක් වෙලා මේක දැන්! එපා වෙනවා බං වෙලාවකට!!! :(((

      Delete
  5. ස්ව උත්සහයෙන් දෙයක් ඉගෙන ගෙන හම්බ කරනවා හොදයි.. කැම්පස් ගාටනවාට වඩා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත... දැන් මේ වෙන දේවල් වල හැටියට අපිටත් එහෙම හිතෙනවා.. ඒත් ලංකාවේ මිනිස්සුන්ගේ සාම්ප්‍රදායික සිතිවිලි රටාව නිසානේ අපි 5 වසරේ ශිෂ්‍යත්වේ ඉවර වෙලා , 11 වසරේ සාපෙත් කරලා, උපේ ගොඩ දාගෙන කට්ට කාල කැම්පස් එන්නේ!!! ඒ චින්තන රටාව වෙනස් කරන්න සැහෙන්න කල යයි! සහ , මේ දේවල් නිසා , විනාස වෙන්නේ "නිදහස් උසස් අධ්‍යාපනය" හෙවත් "දුප්පතාගේ උපාධි සිහිනය" බොඳකිරීම විතරක් වීම කතා බහට ලක්විය යුතු මාතෘකාවක්!!! අපි අයෙමත් යන්නේ සුද්දගේ කාලේ , සල්ලි තිබුණු මිනිස්සු විතරක් ඉගෙන ගන්න යුගයකටද?? කියන එක අපි හිතල බලන්න ඕනි!!!

      ස්තුතියි සහෝදරී මේ පැත්තේ ආවාට!!! ඖඑමත් ඇවිත් යන්න එන්න.....

      Delete
  6. විස්ස විජ්ජාලේ යන්න මට පිනක් තිබුණේ නැතිවුනත්, ඒ පින ලබාගන්න පින් කන්දරාවක් කරපු උඹලා වෙච්චි මහන්සිය මම දන්නවා සහෝ..... මේ අධ්‍යාපනය කන කාලකන්නි හැත්ත නිසා අමාරුවේ ‍වැටුනෙත්,අමාරුවේ වැටෙන්නේත් උඹලාම තමයි....මේ ටික කියලා කැපෙන්නම්....

    අධ්‍යාපනය වනසන්නෝ
    කා බී සැනසෙන්නෝ
    අධ්‍යාපනය විඳින්නෝ
    නිරා දුක් විඳින්නෝ

    එළ සහෝ...ජය සතුට.....

    ReplyDelete
    Replies
    1. මේක මචං අනිවාර්යයෙන්ම මුළු රටටම බලපාන්නේ රටේ බුද්ධිමතුන් ටික , රට ගැන කලකිරිලා , රටෙන් පිටවෙන එක තවත් වැඩි වෙන්න මේක හේතුවක් වෙන නිසයි..තව අවුරුදු 5 කින් විතර පස්සේ අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලෙක ආචාර්යවරයෙක් වෙන්න කැමති කිසිම කෙනක් හොයාගන්න බැරිවුනොත් , එදාට මම පුදුම වෙන්නේ නැහැ!! එකේ සම්පූර්ණ වගකීම භාර ගන්න ඕනෑ , අපේ රටේ කාලකන්නි දේශපාලුවෝ මිසක් වෙන කවුරුවත්ම නෙවෙයි!!! අද දකුණු ඉන්දියාවෙන් දෙමළ ගුරුවරු ගෙන්න ගන්න හදනවා වගේ , එදාට අපිට විශ්ව විද්‍යාල ආචාර්යවරු ආනයනය කරන්න වෙයි , දැන් ගෙවනවා වගේ 10 ගුණයක් විතර උන්ට පඩි දීලා!!!

      ස්තුතියි සහෝ මේ පැත්තේ ආවාට!! ජය!

      Delete
  7. එල එල පුතා මමත් ඔන්න සයිට් එකට ජොයින් උනා.මම බ්ලොග් කලාවට කෝඩුකාරයෙක් අදුනගන්න ලැබිච්ච එක සතුටුයි
    www.ibba.tk

    ReplyDelete
    Replies
    1. සතුටුයි සහෝ!! හොඳ බ්ලොග් එකක්... දිගටම බ්ලොග් එක ලියපන්... අපි එනවා කියවන්න....

      Delete
  8. ඔහොම නිවාඩු ආවම,,, ට්‍රිප් එකක් යන්න, වාහනයක් පදින්න ඉගෙන ගන්න, ඒ වගේ රිලැක්ස් වැඩක් කලොත් මොකද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේකනේ , අපිට "රිලැක්ස්" වෙන්න මාස දෙකක්ම මේ පාර හම්බුණු එකයි ප්‍රශ්නේ... මීට කලිනුත් මාස දෙකහමාරක් "රිලැක්ස්" වුනා ආචාර්යවරුන්ගේ වැටුප් ගැටළුවේදී... දැන් ඔය කියන විදියට "රිලැක්ස්" වෙන්න ඕනිනං , අපිට ගෙවල් වලටම වෙලා ඉන්න තිබුණා , කැම්පස් නොගිහින්... මොකද "රිලැක්ස්" වෙවී ඉඳලා , අවුරුදු 4 එක දැන් මේ වෙනකොටත් , හතරහමාරක්ම වෙලා තියෙන්නේ.... ඊට පස්සේ වෙන්නේ , ජීවිතේ දරු පවුලක් එක්ක "රිලැක්ස්" වෙන්න තියෙන කාලේ අඩු වෙන එක.... එහමත් නැත්තං , කොහේ හරි ගිහිං තව මොනවහරි ඉගෙන ගෙන එන්න තියෙන අවස්ථාව අඩු වෙන එක... අනික , ගමේ ඉඳං ආපු , එදා වේල කන්න නැතුව දුක් විඳින උන්ටද ඔබතුමා ඔය කියන්නේ "ට්‍රිප් යන්න" , "වාහන පදින්න ඉගෙනගන්න" , "රිලැක්ස් වෙන්න"....???? උන්ට තියෙන ප්‍රශ්නේ , උගේ නංගිටයි , මල්ලිටයි උගන්නන්න සල්ලි ගෙදරට යවන්නේ කවදද ජොබ් එකක් කරලා, අතපය වාරු නැති අම්මට ,අප්පච්චිට සලකන්නේ කවදද තමන් ජොබ් එකක් කරලා.... හිතලා බලන්න... ටිකක් පුළුල්ව.... දූපත් මානසිකත්වයෙන් බැහැරවෙන්න...

      වෙලාවක් ලැබුනොත් මේ ලිපියත් කියවලා බලන්න ... මීට අවුරුදු දෙකකට කලින් ලියවුනු එකක්... ලිපියත් එක්ක , එකේ කමෙන්ට්ස් ටිකත් කියෙව්වනං හොඳ අදහසක් එයි ඔබතුමාට : http://janjaalachamara.blogspot.com/2010/06/blog-post_7547.html

      Delete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D