Saturday, January 7, 2012

දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............... අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා".......

මේ පාර උසස්පෙළ විභාගේ ප්‍රතිඵල ගැන ගොඩ දෙනෙක් එක එක ආකාරයේ විචාර ලබාදුන්නා.සමහර විචාර ප්‍රසිද්ධියේ පල කරන්න බැරි තරං තරහ උතුරන ආකාරයේ ප්‍රකාශන වුනා.දැනට මම ජංජාලේ දැකපු ලස්සනම විචාරය මෙන්න මේ දැන් මම උපුටගත්තා මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිල බ්ලොග් අඩවියෙන්.


==============================================


දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............... අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා"........








සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු                    මෙමා
මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර                   තමා
දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී                     පමා
ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි            "කොමා"

ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන               විට
මට වැටහුණා හො හැටි ඉක්මනෙහි               කොට
සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය                         පිට
එන්නට හදනවා ඇතුළට කඩන්                        වැට

දේවිය යවා පුතු ප්‍රතිඵල බලන                        රිසින්
කැදවූයෙමි කොමා වූ තතු අසන                   ලෙසින්
පහලට නැමුණු මුහුණින් බිම හැරුණු              ඇසින්
පහදන්නට කරුණු ඇරඹිණි කොමා                 විසින්

සිලබස් දෙකක කට්ටිය එකටම                      ලිවුවා
වරදක් නැතිව අපි එක ලකුණක්                    මැවුවා
දෙකේ ලකුණු පළමුව වෙනමම                   හෙවුවා
අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු             මෙව්වා

ඔහුගේ කතාවේ අග මුල නැති                       හන්දා
ඉගෙනුම් බාර දෙවියා අසලට                       කැන්දා
විමසූවෙමි කරුණු හද තුළ සැක                     රන්දා
පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද                         මන්දා

ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ               ගතිය
කෑ ගැහුවාට  හැටි අවුලක්                        නැතිය
හැදුවේ සූත්රය නිදි මරමින්                          සතිය
ඒකට යොදා ගත්තේ අපි                        ජ්‍යාමිතිය

ඔහොම වැඩක්මයි තොපි නම් කළොත්         කලේ
කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ  බලේ
ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව        ජලේ
යමරජු මාළු බානව ඇති ඉහන්                      වළේ

මාතලීට ඇත දැන් හොදටම                       කිපිලා
උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල                 ලැබිලා
බැලුවම කාරණා එහි පතුලට                      එබිලා
ඩ්රයිවින් පේපරේ කුණු කූඩෙක                 තිබිලා

තාමත් සිහිය නෑ මල් අම්මගෙ                        දූට
බය වුණු පාර අද මේ සිදු උන                       දේට
සදෙව් ලොවෙන් දහවෙනියා වුණු                  ඈට
තුසිතෙන් සීය ලැබුණාම පවසම්                    කාට

පංචසිකට හැදිලලු කැක්කුම                      ඔලුවේ
වීණාවෙන්ලු පුතාට තරහට                       තැලුවේ
සංගීතයෙන් උගෙ පුතු කොහොමද            හැලුවේ
ඌගෙම පියා නම් එහි පේපර්ස්                  බැලුවේ

වගකීමක් නැතිව මුන් පුටු වල                      ලෑවා
මුන් ටික මගේ නම රහ කර කර                   කෑවා
මින් මතු කිසි දිනක නොම වන්නට               ඕවා
දැන්වත් ඉගෙන ගත යුතු පාඩම්                   මේවා

යන විට සබාවේ ඔය විදිහට                       ගෝරි
කෑ ගහගෙන දිව ආවා නොවැ                       බාරි
පොඩි පුතු ලිවුවේ තනතුරකට                  බලධාරි
අන්තපුරේටලු  ඇත්තේ                          තේරි


-- ලිව්වේ සදෙව් ලොවට අධ්පති (චමිඳු මිහිරංග)

==============================================

-- උපුටාගන්නා ලද්දේ මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිල  බ්ලොග් අඩවියෙන්.

==============================================

සුපුරුදු පරිදි මේ නිර්මාණය කරලා තියෙන්නේ අපේ සහෝදර ශිෂ්‍ය චමිඳු මිහිරංග විසින්.මීට කලින් ඔහු විසින් පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන පල කරපු ලිපිය කියවන්න මෙන්න මෙතනින්..

==============================================

10 comments:

  1. හැක් හැක් හූ..........

    ReplyDelete
  2. ඔය සුත්තරේ පැහැදිලි කරන්න අමාරු එකක්ලු නේ..හිකිස්‌

    ReplyDelete
  3. හි හි හි.. ඇඩෙනවා අප්පා.... ‍ෆිල්ම් එකක් ගහන්න වටිනවා ඔය සුත්තරෙ දාලා

    ReplyDelete
  4. බොන්න හිතෙනව මේවා දැක්කම....

    ReplyDelete
  5. @ රාජ් - හප්පේ හිනාව... :)) සදෙව් ලොවට අධිපති නිරිඳුන්ට ඇහුනොත් අහස පලාගෙන පොලවට වැටෙයි ඔන්න!!! :))

    @ ChammA - කොහොමත් ඔය වගේ සුත්තර දාල හැමදාමත් අපිව රවට්ටන්න හැම එකාම දක්ෂයි නොවැ සහෝ! :))

    @ රහස් පරික්ෂකයා - හික්ස්... රංජන් රාමනායක ගැහුවා නේද ෆිල්ම් දෙකක් තුනක් , ඔය වගේ සුත්තර දාලා?? අන්තිමට මෑන්ස් දැන් හොයාගන්නත් නෑ නේද?? ඔය සූත්තර කාටවත් තෙරුන් ගන්න බෑ අෆ්ෆේ දැම්මට :))

    @ ඔබ නොදු‍ටු ලොවක් - කියලා වැඩක නෑ!! බීලත් මදි අප්පා...නාන්නම වෙනවා!!!

    @ සම්පත් / jt - ස්තුතියි සහෝ!

    ReplyDelete
  6. තනි ඇහට ඇඩෙනව අප්ප මෙව්වට

    ReplyDelete
  7. @ පිස්සා - ඔව බං...කියලා වැඩක් නෑ...

    ReplyDelete
  8. පිස්සු හැදෙන වචන ටික.මටත් විභාගේ පාස් වෙන්න තිබුන මේ කාලේ විභාගේ කලානම්.

    ReplyDelete
  9. @ අසරණයා - කියන්න ඕනි දේ හොඳටම කියලා තියෙනවා නේද? විභාගේ පාස් වීම කෙසේ වෙතත්,පාස් වෙන හිටපු උන් ෆෙල්නං වෙනවා මෙහෙම ගියොත් :))

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D