Sunday, December 25, 2011

අසව්,අසව්!! ජංජාලයා නළුවෙක් වෙයි....

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක්ම වේවා!!! :)))))))

ජංජාලයා හෙවත් මම ජංජාලෙන් අතුරුදන් වෙලා හිටපු කාලේ එක එක වැඩ කළා කියල කලින් ලිපියන් මං කිව්වනේ.අද මම නත්තල් තෑග්ගක් විදියට මගේ බ්ලොග් අවකාශේ මිතුරන්ට දෙන්න යන්නේ අන්න එහෙම කළා කිව්ව කෙටි චිත්‍රපටියක්.[මාත් ඔන්න  ඕකේ එහෙං මෙහෙන් ඉන්නවා ඉතිං :)) ;)) ]

ඇත්තටම මේක කලේ අපේ පලවෙනි semester ඒකෙන පස්සේ ආපු term A කියන අධ්‍යයන කාල සීමාවේදී.එතැනදී අපිට තාක්ෂණික නොවූ විෂයක් තෝරාගන්න ඉඩ දීලා තිබුනා.ඉතින් මාත් මගේ ලඟම යාළුවො සෙට් එකත් තෝරාගත්තේ video production හෙවත් චලනරූප නිර්මාණකරණය කියන විෂය.එතනදි අපිට projects 3 ක් දෙනවා කරන්න.එකක් තමයි කෙටි චිත්‍රපටයක් හෝ ගීතයක් සඳහා රූපකරණයක් [Music video ],දෙවෙනි එක සජීවී නිර්මානකරණයක් [Live production] සහ තෙවනුව විනාඩි 5 ට අඩු mobi film එකක්.කරන්න ඕනි 3 ක් වුනාට මොකෝ , ආසාව වැඩි කමට අපි ඔය 4 ම කළා ඉතිං :))

කෙටි චිත්‍රපටය ගැන කියනවනං ඇත්තටම මේක අපි කරන්න හිතාගෙන හිටපු එක නෙවෙයි.මීට වැඩ ගොඩක් වෙනස්,අලුත් තාලෙක කතාවක් සහ දුර බැහැර පසුතල යොදාගෙන නිර්මාණයක් කරන්න තමයි අපේ අදහස තිබුනේ මුලදී.ඒත් විවිධ ගැටළු සහ දුෂ්කරතා නිසා අපිට සිද්ධ වුනා ක්ෂණිකව වෙනත් තේමාවක් සහිත කතාවකට යන්න.ඇත්තටම කතාව පැත්තෙන් ගත්තොත් ලොකු සාර්ථක නිර්මාණයක් කියන්න බැරි වුණත්,පලවෙනි නිර්මාණය විදියට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් මට්ටමක නිර්මාණයක් කියලා තමයි අපිටනං හිතුනේ.ඔයාලටත් එහෙම හිතුනොත් ඒක එහෙම තමයි හොඳේ??? :))

විස්තර කිව්වා ඇති දැන්.මෙන්න film එක.

නිෂ්පාදනය : OPEN Minds video production crew [ජංජාල චාමර,චමිඳු මිහිරංග,සුරංග මුණසිංහ,ටිරෝෂන් මදුසංක,මිහිර ලක්රුවන් ]
අධ්‍යක්ෂණය සහ තිර රචනය : චමිඳු මිහිරංග 
සහය අධ්‍යක්ෂණය : සුරංග මුණසිංහ
කතාව : ජංජාල චාමර ;)
කැමරාකරණය : ටිරෝෂන් මදුසංක
ආලෝකකරණය : මිහිර ලක්රුවන්
සංගීතය : විශ්මි
තේමා ගීතය : සංජය 





film එකත් එක්ක ඒකෙ තේමා ගීතයට රූප රචනාවකුත් කළා .මෙන්න ඒක.





ඉතිං මේක බලලා ප්‍රතිචාරයක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොඳේ!!! ජංජාල වේදිකාගතවූ හැටි කියන්නම් ඊළඟ ලිපියකින්.


8 comments:

  1. film එක නම් ගොඩාක් ලස්සනයි.. song ඒක ගොඩාක්ම සිරා.. (කට්ටිය පොඩ්ඩක් over act කරනව ඉතින්. ඒක වෙනම කතාවක් :P :P hehe..) but 1st time නෙ නේද ඉතින්? so it's quiet natural! :) great job anyway ayya!

    ReplyDelete
  2. සිතූ කියපු දේත් එක්ක මං එකගයි.සමහර වෙලාවට රගනවා වැඩියි.සිංදුව හොදයි.ජය.

    ReplyDelete
  3. හී .. පලවෙනි වතාවටයි හැම කෙනෙක්ම රැඟුවේ.ඒ නිසා අඩු පාඩු ඇති.ස්තුතියි කොමෙන්ටුවට!

    ReplyDelete
  4. පට්ටයි වැඩේ... එල කොල්ලෙක්නේ..... අයිඩියා එකත් මරු... !
    අපිටත් කරන්න ආසයි වගේ

    ReplyDelete
  5. ස්තුතියි රහස් පරීක්ෂකයා.... කරන්න කරන්න ආසා හිතෙන වැඩක් තමයි මේක!!! :))))

    ReplyDelete
  6. උබ පහුගිය කාලේ පේන්නවත් නොහිටිය නිසා මම හිතුවෙ ලියන එක නවත්තල කියලා... ඒ දවස් වල නිතර ආව ගිය උන් හුඟක් දැන් පේන්න නෑ බන්...

    සින්දුව නම් සිරා... වීඩියෝ එකත් අවුලක් නෑ.

    ReplyDelete
  7. @ පිස්සා - ගොඩක් උන් උන්ගේ වැඩත් එක්ක බිසී වෙලා බං...මටත් කැම්පස් වැඩ නිසා යන්න එන්න බැරි උනා...ඒත් ආපහු ලියන්නම ඕනි කියලා හිතුනා බං... වැඩ කන්දරාවක් තිබ්බත්,කොහොමහරි ලියනවා කියලා හිතාගත්තා....

    ස්තුතියි මචෝ මේ පැත්තේ ආවට සහ කමෙන්ටුවට...... :)

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D