Wednesday, December 7, 2011

මම මැරිලා නෑ ඕයි!!!

කට්ටියට අමතක වෙලා එහෙම නැතුව ඇතිනේ ජංජාලව!!!

අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් , ජංජාල චාමරගේ ජංජාලේ නිහඬව තිබුනා.ඒ කාලේදි වැඩ වැඩි වුණු නිසයි,කැම්පස් යන්න ඕනි නිසා බෝඩිමක නතරවුනු නිසයි තමයි ජංජාලේ නිහඬ කරවන්න සිද්ධවුණේ.ඒත් මම ඉඳලා හිටලා මගේ කතාපොත නං ලිව්වා ඕං !

ඒත් මම අර කලිං ලිපියක කිව්වා වගේ මට ලැප්ටොප් එකකුයි , ජංජාල සබඳතාවකුයි දැන් තියෙනවා.ඒ නිසා ඉස්සරහට ඉඳල හිටලා හරි ලිපියක් ලියනවා කියල මේ දැංමම මම හිතාගත්තා.

ජංජාලේ නිහඬව තිබුණු කාලේ ගොඩාක් දේවල් සිද්ද වුණා ජංජාලට.කැම්පස් එකේ අලුත් විෂය ධාරාවක ඉගෙනගන්න වුනා,ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයට තේරී පත්වුනා,නිවේදකයෙක් වෙන්න සිද්ධ වුනා,වේදිකා නාට්‍ය නළුවෙක් වුණා වගේම චිත්‍රපට නළුවෙකුත් වෙන්න සිද්ධ වුනා!!

ඉතිං  මේ හැමදේම ගැන ටික ටික ලියන්නං ඉඩ ලැබෙන විදියට.එහෙනං හම්බවෙමු ඉක්මනින්ම...

9 comments:

  1. කතා පොතේ තිබුනු සුපිරි කතාවක් කියවලා තමයි මම ජංජාල චාමරව අඳුනගත්තේ .. ඉතින් උඹගේ තැනකට ඉඳලා හිටලා හරි මමත් ඇවිදින් යන්න අමතක කරන්නේ නෑ ..

    ඉක්මනින් හමුවෙමු එහෙනම්

    ReplyDelete
  2. අඩේ පරණ පොරක් නේ එහෙනම් දිගටම ලියපන් ජයවේව

    ReplyDelete
  3. එළ එළ කියන්නකෝ බලන්න විස්තරේ...

    ReplyDelete
  4. හලේ.. මං බැලුවා කාලෙකින් දැක්කෙ නැත්තෙ ඇයි කියලා.. දැන් හරිනේ.. ලියමුකො බලන්න දැන් එහෙනන්..

    ReplyDelete
  5. සන්තෝෂයි සන්තෝෂයි කොල්ලා

    එහෙමනම් කාලො අයන්තෙ..........

    ReplyDelete
  6. වෙලාවේ ප්‍රශ්නේ තමයි හැමොටම...... ලියන්න බලන්න

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D