Saturday, July 3, 2010

අපිත් දැන් කැම්පස් කොල්ලෝ [ කැම්පස් සටහන් 1 ]



අපිත් ඔන්න කටුබැද්ද ඉංජිනේරු පීඨයට තෙරුනාලු!( නිකන්ම තේරුණා කිව්වට ඇතුලට යන්න මහන්සිවුණු විදිය මෙතනින් කියවලා බලන්න :D )

ජූනි 29 තමයි කැම්පස් පටන් ගත්තේ.මේ දවස් ටිකේ හිටියේ බෝඩිමේ නිසා ජංජාලේ පැත්තේ යන්න එන්නත් බැරිවුණා.මොකද අපිට තාම ජංගම ජංජාල පහසුකමක් තියා , ජංගම පරිගණකයක්වත් සෙට් උනේ නෑ!

මොනාවුණත් රැග් සීන් ලොකුවට නැති නිසා කැම්පස් එකේ මුල් දවස් ටික ලොකු අවුලකින් තොරව ඉන්න පුලුවන් වේවි කියලා මම හිතුවා.

ඒත් කොලඹ ඉස්කෝලවල අපේම යාලුවන්ට ( මමත් ඇතුලුව ) පිටපලාත්වල seniors ලා සලකන හැටි දැක්කම ඇත්තටම පොඩි දුකක් ඇතිවුණා.[ඒවා ගැන ලියන්න වෙනම දවසක් ගන්න ඕනි!]

රටම ගොඩනඟන්න පුළුවන් දැනුමකුත් තියාගෙන , සීමා මායිම් පනවගෙන එක එකා ඇණකොටා ගන්නකොට ලංකාව කොහොම දියුණු වෙන්නද!අනේ හෆොයි!

 අනික සිංහල මිනිස්සු හැමතැනදිම මෝඩයෝ වෙලා ඇණ කොටා ගන්නකොට , දෙමල මිනිස්සු එකතුවෙලා ජාතියක් විදියට නැගිටින්න හදන හැටි හොඳටම පැහැදිලි වෙනවා කැම්පස් එක ඇතුලෙදි.

 අවුරුදු ගානක් පෙරුම් පුරලා , හීන මවලා පටන් ගත්තු කැම්පස් ජීවිතේ හිතපු තරම්ම සුන්දර නැහැ කියලයි දැන්නං හිතෙන්නේ.
[ ඉස්සරහට මේ අදහස් වෙනස්වුණොත් ඒකට හේතුත් එක්කම තවත් ලිපියක් ලියන්නංකෝ! :) ]

30 comments:

  1. ඔන්න මගෙන් සුභ පැතුම් සහෝ ඔයාගේ කැම්පස් ජිවිතෙට...

    ReplyDelete
  2. කැම්පස් එකේ වෙනස්කම් වෙන්නෙ කොළඹ අයට නෙමෙයි... පිට පලාත් වල අයටයි.. කොළඔ ගොඩාක් අය හිතාගෙන ඉන්නෙ මොරටුව ඒ ගොල්ලන්ට විතරක් අයිති කැම්පස් එකක් කියලයි... ගැටුම් ගොඩක් පටන් ගන්නෙ ඒ හින්දයි...

    ReplyDelete
  3. @ සෑම් - ස්තුතියි සහෝ!

    @ anonymous - ඒක බොරුවක්.යාළුවො විදියට මාත් ගාල්ලේ මාතර උදවිය ආශ්‍රය කරලා තියෙනවා,අපිට කවදාවත් ඔහොම දෙයක් හිතුණේවත් නෑ!

    හැබැයි මම කියන්නේ නෑ කොලඹ අය හරි , අනිත් අය වැරදියි කියලා.මම කියන්නේ මේ දේ නවත්තන්න ඕනි කියලා!මීට වඩා සහෝදරත්වයක්,මිත්‍රත්වයක් ඇතිවෙන්න ඕනි.ඒකෙන් මේ හැම ප්‍රශ්නයක්ම විසඳේවි!

    ReplyDelete
  4. හා හා පුරා කියලා පටන් ගත්තු සරසවි ජීවිතේට සුභ පැතුම් මිත්‍රයා.... ඒ වගේම සරසවි ජීවිතය හොඳින් ගත කරලා හොඳ මනුස්සයෙක් වෙලා එළියට එන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.............

    ReplyDelete
  5. @ හසිත - ස්තුතියි මිත්‍රයා!

    ReplyDelete
  6. අලුත් ගමනට සුබ පැතුම්...එකෙන්ම අයියන්ඩි එහෙනම් දැන් ඉන්ජිනේරුවෙක්...එල කියන්නෙ මැක්සම තමයි

    ReplyDelete
  7. ඔවා තියෙන්නෙත් හිතෙන්නෙත් මුල් මාස ට්කේ ව්තරයි මලයා,එක හින්දා ප්‍රදේශිය සටන් වලට නොගිහින් ආපු වැඩේ කර ගනින්,
    (එ වගෙම ඇතුලේ ගින්දර පිට දෙන්න එපා කියලා කියමනකුත් අහලා ඇති නෙද.. )

    ReplyDelete
  8. එල එල මචෝ...මගෙනුත් සුභ පැතුම්!!!
    කැම්පස් ජීවිතේ ෆුල් ආතල් එකෙන්ම ගෙවේවා....!!!

    ReplyDelete
  9. Best of luck with ur campus life.......:D

    ReplyDelete
  10. ඔන්න මගෙනුත් අළුත් ජීවිතයට පහුවෙලා හරි හදවතින්ම සුභ පැතුම්...!!!

    ReplyDelete
  11. @ all - බොහෝම ස්තුතියි සුබ පැතුම් වලට.

    @ anonymous - කිසිම සටනක් නෑ අයියේ!අපි හැම එකා එක්කම එක විදියට ඉන්නයි ආසා.අපිට පුරුදු එහෙමයි!එච්චරයි.

    අනික මෙතන වෙන්නේ මොකක්ද කියලා ලියලවත් නෑනේ.මගේ කලකිරීම පමනයි දාල තියෙන්නේ.ඒ නිසා ඇතුළේ ගින්දර පිටට දීමක් වෙලා නෑ අයියේ!

    ReplyDelete
  12. මගෙන් සුබ පැතුම් මල්ලී

    කැම්පස් එකට ආව කාරිය හිතට අරන් වැඩ කරන්න..එතකොට ඔක්කොම හරි යාවී

    ReplyDelete
  13. කැම්පස් ජීවිතේට මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  14. සුභ පතනවා , කැම්පස් ජිවිතේට , වැඩ ටික හරියට කරගෙන ඕකත් ගොඩ පලයන් , ජය !!!!

    ReplyDelete
  15. @ දිල් - ස්තුතියි අක්කේ!ඒක එහෙම කරනවාමයි!අනිවා!

    @ නිර්මල,හිඟන්නා - ස්තුතියි මචෝලා!

    ReplyDelete
  16. මල්ලි ඔයාලට ගොඩක් දුර ගමනක් යන්න තියෙනවා. ඒ නිසා දැන්මම කළකිරෙන්න එපා. ඇත්තටම කැම්පස් ජීවිතේ හිතපු තරම්ම සුන්දර නැහැ කියල හිතෙන වෙලාවල් තියෙනවා තමයි. ඒ වුනත් ඒවා හරිම තාවකාලිකයි. මේ රටට ඔයාලා වගේ හිතන මිනිස්සු ඕනේ. ඒ නිසා ඔයාගෙ ගමන ඔයා යන්න. සුබ පැතුම්

    ReplyDelete
  17. ඕනැම සමාජයක මානසික අසහනකාරයෝ ඉන්නවා. ඒක මොරටුව කියලා වෙනසක් වෙන්නේ නැහැ.

    ඔය බේදයට මුල ලංකාවේ සමාජ ක්‍රමයේ වැරැද්ද. විශ්ව විද්‍යාලයේදි වෙන්නේ ඒවා එලියට එන එක විතරයි.

    ඒක එහෙම වෙන්න අවශ්‍යම නැහැ. අපේ බැච් එකේ නම් ඔය බේදය ඇත්තේම නැහැ වගේ.

    කට්ටියගේ හීනමානය නැති කරගන්න චූ ගන්ඩියෝ වෙන්න බනින කොට අනේ පව් අසරණයෙක් කියලා හිතාගන්න. බනිනවාට වඩා දෙයක් නම් කරන්න දෙන්න එපා. ඔලුව කචල් නොවෙච්ච අති මහත් බහුතරයක් ඉන්න හින්දා එහෙම දේවල් වෙන්නේ නැහැ. (රැග් නැත්තෙත් ඒකනේ :-)) මම කිව්වේ බැරි වෙලාවක්වත් උනොත් කියලා.

    මල්ලි ටික කාලයක් යනකොට ඔයාට තේරෙයි අපේ ඵල ඇති රුකට ගල් ගහන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද කියලා. ඒක ඉතින් අපේ මින්ස්සුන්ගේ හැටියක්නේ :-). ඒගොල්ලොන්ට පොහොර සපයන්න එපා කියලයි මට කියන්න ඕන වුනේ.

    ප.ලි. සොරි මට බ්ලොග් එකක් නැහැ. මගේ ලිපිනය deadpoets3@yahoo.com

    ReplyDelete
  18. මල්ලි... මාත් මොරටුවෙ කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ ඉන්නෙ... මගෙ ගම ගාල්ලෙ... හැබැයි කොහොම වුනත් මාත් උඹත් එක්ක එකඟයි ඔය ප්‍රශ්නෙදි....ප්‍රශ්න නවත්තන්න ඕන නියම විදියට... හැබැයි ඕක කොළඹට විතරක් සීමා වුනු දෙයක් නෙමෙයි කියන්න මාත් එක උදාහරණයක්... ඔය කැම්පස් එකේ හැටි .... හැමෝම වැඩ කරනවනම් ඔය ප්‍රශ්න එන්නෙ නෑ.... එකමේ දේ කැම්පස් ඇතුලෙදි ඕනම දෙයක් ඕනවට වඩා හිතන්න එපා... එච්චරයි... අඳුනගන්න ලැබීම සතුටක්... කැම්පස් එකේදි අනිවා මුණගැහෙමු ....

    ReplyDelete
  19. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සාදරයෙන් පිලිගනිමු.

    ReplyDelete
  20. ඔයාට වැඩිය මම උසස් කියන දෙ මගෙ හිතෙ තියනවා, නමුත් මම එක ඔයාට පෙන්වන්න ගියොත් ඔයාට දැනෙන දෙ මට දැනිලා තියනවා, ඔයා මගෙන් එක විඳගන්නවට මම කැමති නැහැ.

    ඉතින් මල්ලි ඇතුලෙ ගිණි පිටතට දෙන්න එපා. මිනිස්සු දැනටමත් NDT ප්‍රශ්නෙදි කලකිරිලා ඉන්නෙ. රට ඉහලම බුද්ධිමත් පිරිස මෙහෙමද හැසිරුනෙ කියලා.

    ReplyDelete
  21. @ අංජන - ස්තුතියි අයියේ.පැහැදිලිවම තවම අපි ගමන පටන් ගත්තා විතරයි , යන්න දුර ගොඩයි!

    @ Anonymous - අයියගේ කතාව සහතික ඇත්ත.මමනං කියන දේවල් ගනං ගන්නේ නෑ.අනික මේ හැමදේම බොහෝම කෙටි කාලයයිනේ.මාත් හිතනවා බැච් එකේ හැමෝම එකා වගේ එකතු වෙයි කියලා ඉස්සරාට.
    [ trip එකක් එහෙම ගියාමනෙ කශ්ටිය සෙට් වෙන්නේ :) ]

    ස්තුතියි අයියේ!

    @ සංදීපගේ මයික්කරපෝනය - පැහැදිලිවම ඇත්ත අයියේ!මාත් කැමති හැම එකාම එකා වගේ ෆිට් එකේ ඉන්න එකටයි!ඒකමයි මේ ටික කියවුණෙත්.
    අනිවාර්යයෙන්ම හම්බෙමු ඇතුලෙදි!

    @ Pasindu - බොහෝම ස්තුතියි!

    @ anonymous - අයියගේ කතාව සහතික ඇත්ත!

    සමාවෙන්න අයියේ වරදක් කියවිලා තියෙනවානන්.ඒත් හැමෝම වගේ දන්නවනේ මේ රැග් සීන් වලදි මොරටුව කැම්පස් එක අනිත් ඒව එක්ක බැලුවාම සෑහෙන හොඳයි කියලා.

    ඒ දේවල් ගැන සවිස්තරව ලියන්න ඕනි ඉස්සරහට.

    බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  22. අපේ දණිස් තාම කළු යි.පස්ස ට ඔවා රසවත් අත්දැකීමි වේවි සමහර විට මල්ලී

    ReplyDelete
  23. @ වැහි කිරිල්ලී - අනිවාර්යයෙන්ම!කවදාහරි මතක් කරන්න ඉතුරු වෙන්නේ ඉගෙන ගත්තු දේවල් නෙවෙයිනේ, ජොලි වැඩ , පිස්සු වැඩනේ!

    ReplyDelete
  24. සුබ පැතුම් සහෝදරයා!

    ReplyDelete
  25. සුබ පැතුම් මලේ.... හොඳට වැඩ ටික කර ගනින්. ඔය අමුත් අසහනකාරයො කැම්පස් වල වගේම හුඟක් තැන් වල ඉන්නවා. උන්ව ගනන් නොගෙන ඉදපන්. කිසිම දේකින් වැටෙන්න එපා. ඒ වගේම තව දෙයක්... ස්කෝලෙ කාලේ අපි හැම එකාම බොක්කෙන් ආශ්‍රය කරනවනේ... ඒත් ඊට පස්සෙ හම්බෙන උන්ව කාල බලල අශ්‍රය කරපන්... තේරෙනවනේ... හොඳ උන් ඉන්නව.. කැම්පස් වල.. ඕනි තරම්. ඒත් බලාගෙන...

    ජය.

    ReplyDelete
  26. ඇත්ත ඇත්ත ඒ නිසා අමාරැ කාලේ ට ඔහේ ගෙවෙන්න දෙන්න

    ReplyDelete
  27. @ CD - ස්තුතියි සහෝ!

    @ පිස්සා - කතාව සහතික ඇත්ත.ඒක දැනෙනවා ඇතුළට ගිය පලවෙනි දවසේ ඉඳන්ම.

    ස්තුතියි සුබ පැතුමට සහෝ!

    @ වැහි කිරිල්ලී - දැන් නං ඒ කාලේ ගෙවීගෙනයි යන්නේ.ස්තුතියි මේ පැත්තේ ආවාට,ආයෙමත් එන්න.

    ReplyDelete
  28. Congradz machan!

    I also went through same bad experience with seniors when i was in my 1st year! You will get a chance later. Wait till that time & show who you are in a correct way! Cheers malli!
    (Sorry i don't know how to type in sinhala)

    Nadun!

    ReplyDelete
  29. @ Nadun - Thanx 4d wishes bro!But only few getting such bad experiences.Anyhow I was lucky enough to be away from all those stuffs.

    Yeah bro,we will show what's correct when we'll get a chance.Cheerzz bro!

    To type in Sinhala use the converter.Here's the link bro ; http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  30. I also totally agree with nadun. Twenty years ago I got the same bad experiences. The worst thing is that those who oppose ragging (in the 1st year) became the worst raggers in the 2 nd year. therefore dont be like that. keep up your good qualities.
    one person has said "කොළඔ ගොඩාක් අය හිතාගෙන ඉන්නෙ මොරටුව ඒ ගොල්ලන්ට විතරක් අයිති කැම්පස් එකක් කියල" No... This totally other way about. Those who came from other rural areas and has/had less resourses are somewhat jealous of the colombo and surb students who has more facilities. the thing is that they don't oply say that but very rearly it comesout when they are in a severe pressure.

    Dont hurt your self, try be yourself as an example to others in a best way.

    thanks

    Migara (dont have blogs and rarely visit here)

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D