Monday, April 15, 2013

"මම ඔයාට ආදරෙයි!"





හැමෝම කතා කරන , හැමෝම දන්නා කියන , ජීවිතේ එක පාරක් හරි අත්විඳපු , එත් තවමත් කාටවත්ම


තේරුම් ගන්න බැරිවුණු , ලොකුම අභිරහස් වචනය ; "ආදරය" ඉපදුනු දවසේ ඉඳන් අම්මගේ තාත්තගේ 

ආදරේට හුරුවුණු අපි , ළමා කාලේ වෙද්දී යාලුවන්ගේ ආදරේට හුරුවෙනවා.තරුණ කාලේ එද්දී , 

වෙනමම අරුතක් එක්ක ආදරේ හොයාගෙන යන්න අපි හැමෝම පෙළඹෙනවා. ජීවිතේ කොයි තරම් ආදරේ 

වින්දත් , මේ තරුණ කාලේ විරුද්ධ ලිංගික ආදරය තරම් ජීවිතේ වෙනස් කරවන , ජීවිතේට පාඩම් 

උගන්වන,අත්දැකීම අරගෙන එන වෙනත් ආදරයක් නැති තරම්! 

අපි ඒ "අමුතු ආදරය" ගැන කෙටියෙන් කතාකරමු.....


"මම ඔයාට ආදරෙයි!"



තරුණ කාලේ මේ වචන තුන තරම් , ඇඟට දැනෙන වචන ටිකක් නැති තරම්! අපි හැමෝම ආදරේ කරන්න 

ආසයි , කැමතියි.තමන් වෙනුවෙන් ජීවත් වෙනවා කියලා දැනෙන , තමන්ගේ අදහස් බෙදාහදාගන්න 

පුළුවන් , හිතේ තියෙන ඕනිම දෙයක් බයක් නැතුව කියන්න පුළුවන් , තවත් කෙනෙක් මේ ලෝකේ

ඉන්නවා කියන හැගීම , ජීවිතේ ලොකු වෙනසක් ඇති කරවන බලවේගයක්!



අපි ආදරේ කරන්නේ ඇයි? කවුරු හරි එහෙම ඇහුවොත් , අපිට දෙන්න සරල උත්තරයක් නැති වෙන්න 

පුළුවන්.ඒත් ආදරේ කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාවක් සහ රැකවරණයක් කියලා 

කිව්වොත් ?? ඒ උත්තරේ සරල වුනත් , තනිකරම ඇත්තක් නේද?



අපි ඒ ගැන හිතලා බලමු..,



අපි කාටවත්ම තනියම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ! මිනිසා කියන්නේ සමාජශීලී සත්වයෙක්. 

එකිනකාගේ උදව් , උපකාර මත ජීවිතේ ගොඩනගන සත්වයෙක්. ආදරේ කියන සංකල්පය ඇතුලේ , අපි

ගොඩනගන්නේ පෙර කියපු ඒ සමාජශීලී මානසික බැඳීම. තවකෙකු සමඟ එක්ව ජීවත්වීමේ පරමාර්ථය , 

එකිනෙකා වෙනුවෙන් සහයෝගය දෙමින් ජීවත් වීම කියන කාරණාව.


හැබැයි , වර්තමාන ආදරය , වානිජ්‍යකරණයට ලක්වුණු , රැකවරණය සහ ආරක්ෂාව කියන මුලික පදනමෙන්

ඉවත්වුණු පුහු වචනයකට පමණක් සීමාවුණු සංකල්පයක් බවට පත්වෙලා.




"වේදනාවෙන් තොර ආදරයක් නොමැත!"



කියන කියමන සත්‍යයක් බවට පත්වෙලා තියෙන්නේ පෙරකී කරුණ නිසා. ආදරය කියන්නේ වේදනාවක්

පොදී බැඳගත් හැඟීමක් නෙවෙයි. වචනයක් වචනයක් පාසා විශ්වාසවන්ත , හැඟීමක් හැඟීමක් පාසා පාරිශුද්ධ 

, එකිනෙකාගේ හැඟීම් වලට ගරු කරන , එකිනෙකාගේ වෙනස්කම් වලට ගරු කරන මිනිසකු සහ 

ගැහැනියක [පිළිගත් සම්මත සමාජ රීතින් මත පිහිටා! ඉන් අපගමනය වූ සංකල්ප ගැන සටහන් කර 

නොමැත!] අතර ඇතිවන මානසික සහ ශාරීරික [සංවාදයට බඳුන් කලයුතු මාතෘකාවක්] බැඳීම , ආදරය

වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම අර්ථකතනයක්.



" කාලය සමඟ , ආදරය වෙනස් වේ!" ; ඕනෑම දෙයක "වෙනස්වීම" , 


සාමාන්‍ය සංසිද්ධියක්...



හොඳට හෝ නරකට ආදරය කියන්නෙත් හැඟීම් මුල් කරගත් බැඳීමක්! හැඟීම් කියන්නේ මොහොතින් 

මොහොත වෙනස්වන දෙයක්.පදනම වෙනස් වනවිට , ප්‍රතිපලය වෙනස් වීම සරල සාධාරණ සත්‍යයක්!



"නොවෙනස් ආදරයකට ඉඩක් නැද්ද?"



ශක්තිමත් පදනමක් සහිත ගොඩනැගිල්ලක් , ශක්තිමත් වන්නාසේම , ශක්තිමත් පදනමක් සහිත බැඳීමක් , 

බොහෝකල් නොවෙනස්! තවත් හිතල බැලුවොත් , ආදරය වෙනස්වීම , ආදරය අඩුවීම , ආදරය 

නොදැනීම සහ අවසානයේ ආදරය අහිමිවීම , ජීවිතයේ අවසානය නොවේ! එය තවත් බැඳීමක අවසානයක් 

පමණයි! ජීවිත කතා පොතේ ,තවත් එක අලුත් පිටුවක් විතරයි!



ඒ අතරතුර,



"සමහර ආදර අන්දර , සදාකාලිකයි"



වෙනස්කම් දකින , වෙනසට ගරුකරන , වෙනස ඉදිරියේ වෙනස් වියහැකි නුවණැති මිනිසුන්ගේ ආදරය 

සදාකාලික වීම සරල සංසිද්ධියක්.


වෙනස ඉදිරියේ කඩාවැටෙන , වෙනසක් දරාගත නොහැකිව හඬාවැටෙන , සැකය පෙරදැරිකරගෙන 

බිඳවැටෙන , "ආදරය" , සංකල්පීයව දුර්වල පදනමක් සහිත "බැඳීමක්!". 

සිතුවිල්ලකට පමණක් සීමාවුණු , වචනයකට පමණක් කොටුවුණු "හැඟීමක්!".



ඒ වගේමයි,



තමන්ගේ කරගැනීම ආදරය නොවේ! තමන්ට පමණක් අයිතිකරගැනීම ආදරය නොවේ! සමාජශීලී සත්වයකු

ලෙස , මිනිසා , තවත් මිනිසුන් සමඟ , සමාජගතව එහි ජීවත්විය යුතුයි. සමාජය තුල ඔහු හෝ ඇය 

තමන්ගේම කියා පෞර්ෂයක් ගොඩනැගිය යුතුයි! ආදරය යන සංකල්පය නිසා , එම අවස්ථා අහිමි කරගැනීම

හෝ අහිමි කරවීම , "ආදරය" දුර්වල කරවීමට හේතුවක් වීම වැලැක්විය නොහැකියි! ඒ නිසා , ආදරය 

වෙනුවෙන් පරිත්‍යාගයන් කිරීම "විහිළුවකි!". ආදරය වෙනුවෙන් ජීවත්වීම "දුර්වල තීරණයකි!". ආදරය 

තමන්ගේම කරගැනීම"මෝඩකමකි!".ඒ නිසා , සහයෝගයෙන් , ශක්තිමත් පදනමක් සහිතව , 

නිවැරදි දැකීමකින් , "ආදරය" කරන්න. ජීවිතේ වැරදීම අඩු වේවි! කලකිරීම් නැතිවේවි! සතුට වැඩිවේවි! 

ජීවිතය සාර්ථක වේවි!අපි හැමෝම හීනදකින , ප්‍රයෝගිකත්වයෙන් ඔබ්බට ගිය සංකල්පීය ආදරයක් ,   

අපේ ජීවිතවලටත් "ප්‍රයෝගිකවම" ලංවේවි!


ජය!



ප.ලි. : මේ මට හිතුනු දේවල්! හරිත් ඇති , වැරදිත් ඇති!

6 comments:

  1. මෙන්න මගේ අත්දැකීම් මේ ගැන අනේ මන්දා බං..මේක තේරුම් ගන්න හරිම අමාරු සබ්ජෙක්ට් එකක්!!

    ReplyDelete
    Replies
    1. සිරාවට බන්! කවදාවත් තේරුම් අරන් ඉවරයක් වෙන්නේ නැහැ!

      Delete
  2. ආදරය හැමදාම වාණිජකරණයට ලක්වෙනවා...එදා කෙල්ලො කැමති හැඩි දැඩි කලු පුරුෂයින්ට..නමුත් අද මුදල් ඇති අයට...ඒ ක්‍රමය තුල විසාල පුරුෂයින්ට ස්ත්‍රින් ආකර්ශනය වෙනවා කියලා මට හිතෙනවා..ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ..

    ReplyDelete
    Replies
    1. සල්ලි පස්සේ දුවන ය ඉක්මනටම ති වැටෙනවා සහෝ! සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා තේරුම් ගන්නකොට එයාල පරක්කු වැඩියි :) හැඩි දැඩි කතාවනම් සාපේක්ෂයි නේද සහෝ? ඒක එක එක්කෙනාගේ සිතුම් පැතුම් අනුව වෙනස් වෙනවා කියලයි මට හිතෙන්නේ...

      Delete
  3. Ha haaa Panditha Chamarayaa.. :P

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D