Tuesday, January 17, 2012

දැකලා තියෙනවද? බලන්න හොඳට....


අද ලිපිය වෙන්වෙන්නේ යාළුවෙකුගෙන් මට ලැබුණු විද්‍යුත් තැපැල් ( e-mail ) පණිවිඩයක තිබුණු අලංකාර,ඒ වගේම දුර්ලබ දසුන් කීපයක් වෙනුවෙන්.බලන්න,මේවා කලින් දැකලා තියෙනවද කියලා.....


ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහටියේ වියානා නුවරයි.






නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද






සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය.





මැඩ්රිඞ් නුවර කාර්යාලයයකි.





මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.





මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්.




අහස සිප ගන්නා මීටර් 828ක් උසැති ඩුබායි ගොඩනැගිලි. ඉන් එකක තට්ටු 163 කි.





එම ගොඩනැගිලිවල සිට පාර පෙනෙනුයේ මේ ආකාරය.ටය





පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී.




බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි.





මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති. සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.





උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ. 



චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි.




ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි




කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි





බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප‍්‍රංශයෙනි.





පවුලේ ඡායාරූපයකි






ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි.




පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.





ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි.




මාකස් ලෙවින් සිය මූර්ති නිර්මාණය කරනුයේ සුදු ඇණ ගැසීමෙනි. ලන්ඩනයේ ප‍්‍රදර්ශනය කළ මෙම මූර්තියට ඔහු යකඩ ඇණ 50,0000ක් යොදා ගත්තේය.




ඇමෙරිකාවේ බපෝඞ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි. ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි.




සරත් සමයයි.





ජර්මනියේ බ‍්‍රන්ස්වික්හි රිසි හවුස් පස් මහල් මන්දිරයයි. හදවත්, ඇස්, තරු හා, කුරුල්ලන්ගෙන් නිර්මිතය.





රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි‍්‍රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි.




දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි.




බ‍්‍රසීලයේ ඇති නැති පරතරය අතර




ඉන්දියා සාගරයේ ලාමු දූපත





චිකාගෝ නුවර 103 වැනි මහලක ආලින්දය.





හිරු බැස යන. හැටි රළ සුළියක් මැදින්.





මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප‍්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්‍ෂණ පහළ වී තිබේ.





අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ. මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය.




මාල දිවයිනේ ගුවන් තොට පිහිටියේ ඉන්දියා සාගරයේ කෘත‍්‍රිම දුපතකය.



ප‍්‍රංශයේ මෙයාර්හි ප‍්‍රදීපාගාරයයි.




ඇමෙරිකාවේ මොන්ටානා නුවර සුළි සුළඟකි. 2010





ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන





ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය.





ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)





උතුරු ඕස්ටේ‍්‍රලියාවේ කාර්පෙන්ටේරියා බොක්කේ අරුණෝදයේ වළාකැටි.





ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි.




මේවා කොතරම් නිවැරදිද කියලා කියන්නන් මම දන්නේ නෑ...ඒත් පින්තූරවල අමුතු සුන්දරත්වයක් දැනුණු හින්දමයි ලිපියකට ඇතුලත් කරන්න හිතුවේ.( ඔන්න මාව එහෙම අල්ලගන්නෙපා මේවා බොරුනං! හොඳේ? :) )


12 comments:

  1. නියම පෝස්ට් එකක් !

    මමත් පොඩි බ්ලොගයක් පටන් ගත්තා
    http://ezoneblog.blogspot.com/

    ReplyDelete
  2. @ Dulan Kalhara - බොහොම ස්තුතියි පැසසුමට! බ්ලොග් එක ගොඩක් වැදගත් කරුණුවල එකතුවක් බව පේනවා! දිගටම කරගෙන යන්න,මගෙන් සුබ පැතුම්!

    @ KC - ස්තුති වේවා! :)

    ReplyDelete
  3. මැක්සා පින්තුර ටික මචන්.... ඇහැට නොපෙනෙන තව සියුම් දෙවල් කොතෙක් නම් ඇත්ද?

    ReplyDelete
  4. @ රහස් පරික්ෂකයා - අනිවා මචං.. තව කොච්චර , අපි නොදකින දේවල් තියෙනවද....

    හැබැයි ඔන්න උඹට තමයි අපිට පෙන්නේ නැති,සියුම් දේවල් පෙන්නේ!!! :)) උඹනේ ' රහස් පරීක්ෂකයා!!! ' :))

    ReplyDelete
  5. නියම පිංතූර ටික. බෙදා හදා ගත්තට ස්තූතියි.

    ReplyDelete
  6. ඔන්න මේ පැත්තට ආවෙනම් අදයි.......:)

    එනකොටම නියම පෝස්ට් එකක්....හරි අපූරු පින්තූරටික.....
    දිගටම එන්නම්....ජය වේවා!!!!!!!

    ReplyDelete
  7. හරි අපූරු රූප පෙල....නියමයි!

    ReplyDelete
  8. මම දැක්ක ලස්සනම වගේම අරුම පුදුම පින්තූර අතරින් මේ ටික දැක්කේ අදමයි.නියමයි මචෝ.

    ReplyDelete
  9. මිතුර, පසුගිය දිනක මා මෙම ලිපියට පසුව පළ කල ලිපියකද මෙම පින්තූර අඩංගුවූ අතර ඒවා ඔබ මට පෙර පළ කර තිබූ බව නොදැන සිටි අතර මා හට ලැබුන email පණිවිඩයක තිබී ඒවා පළ කළෙමි. මේ සම්බන්ධයෙන් ඔබට යම් සිත්තැවුලක් ඇති වුනි නම් ඒ ගැන කණගාටුවද ප්‍රකාශ කරමි....

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්නයක් නැහැ සහෝ... මොකද මේක විද්‍යුත් තැපැල් පණිවිඩයක් නේ.... :))

      Delete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D