Saturday, July 31, 2010

කැම්පස් ජීවිතේ ෆන් කෝටියයි!!! [ කැම්පස් සටහන් 3 ]

පහුගිය සති දෙකේ ගෙදර ආවත් ජංජාලේට මුකුත්ම ලියලා එක්කරන්න තරං වෙලාවක් තිබුණේ නෑ.ඔන්න ඒ නිසා අදවත් ලියන්න හිතුවා අපේ කැම්පස් එකේ අලුත් ජීවිතේ ගැන තව විස්තර ටිකක්.

අපිට "ඇක" [ ඒ කිව්වේ academic ] පටං ගන්නේ අගෝස්තු 23 ඉඳන්.ඉතිං එතකන්ම තියෙන්නේ pre-academic term එක. මේ දවස්වල ඉතිං වැඩිපුර තියෙන්නේ අයිස් ගැහිල්ලක්ම තමයි.හුඟාක් වෙලාවට ලෙක්චර් එකක් නෑ කියලා දැනගත්තු ගමන් අපි යනවා table tennis ගහන්න හරි කැරම් ගහන්න හරි.ඒ පොට් එක තියෙන්නේ "වළ කැන්ටිම" උඩ.[ අපේ කැන්ටින් කීපයක් තියෙනවා.ඒවායෙන් එකක් තමයි "වළ කැන්ටිම".අනික්වා තමයි "ගොඩ කැන්ටිම","ගොඩ උඩ කැන්ටිම" සහ "එල් කැන්ටිම".තව එකක් තියෙනවලු , ඒක civil department එක පැත්තේ"ලු" තියෙන්නේ.ඒකේ නම නං තාම දන්නේ නෑ. ]එහෙමත් නැත්තං ජිම් එකට ගිහින් බැඩ්මින්ටන් ගහනවා.මොනවාවුණත් මේ දවස්වල කවදාකවත් නැතිතරං ඇඟ මහන්සිවෙන්න සෙල්ලං නං කලා.[ පුදුමේ කියන්නේ කැම්පස් ගිහින් සති දෙකෙන් මගේ ඉනත් අඟල් දෙකකින් විතර අඩුවෙලා!!! ]

ඒ අපේ free වෙලාවට කරන සෙල්ලං ගැනනේ කිව්වේ.ඊට අමතරව හවස්වරුවේ සිරාවටම කරන ක්‍රීඩා ගැනයි මේ කියන්න යන්නේ.

අපේ කැම්පස් එකේ සාමාන්‍යයෙන් කැම්පස් එකක තියෙන ක්‍රීඩා හැම එකක්ම වගේ තියෙනවා.සාමාන්‍යයෙන් කැම්පස් වල දුලබ,"ඔරු පැදීම"( rowing ) වගේ ක්‍රීඩාත් තියෙනවා.මාත් ඉතිං ඔන්න හා හා පුරා කියලා පටං ගත්තා කවුරුත් දන්න කියන සෙල්ලම "ක්‍රිකට්".9 වසරේ ඉඳන් 11 වෙනකං පොඩි club එකක ප්‍රැක්ටිස් ගියාට මම ඉස්කෝලේ සෙල්ලං කරල නෑ.ඒත් ඉතින් කැම්පස් එකේදි ආපහු ක්‍රිකට් ගහන්න ඕනි කියලා හිතුනා.වැඩේ කියන්නේ ඉතින් අවුරුදු ගානක් මහන්සි වෙන්න සෙල්ලං නොකරපු මේ ඇඟවල්වලට එක පාරටම තදබල ප්‍රැක්ටිස් පාර දරාගන්න බැරි එක තමයි :) පලවෙනි දවස් ටිකේම සෑහෙන්න අවුල්.ඒත් ඉතින් ටික දවසක් යද්දි හරියයිනේ :)

සංගම් ගැන කියද්දී GAVEL [ ඉංග්‍රීසි කථනය දියුණු කරන සංගමයක් ],AIESEC [ ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ,ලොව විශාලතම තරුණ නායකත්ව පුහුණු සංගමය ] සහ ROTARACT [ සමාජ සබඳතා,අන්තර් සබඳතා දියුණු කරනා ලොව විශාලතම සංගම් වලින් එකක් ]ගොඩක් ඉස්සරහින් ඉන්නවා.තව classical music එකත් සිරා!!!අපිත් ඉතින් ROTARACT පැත්තේ ගියා ;) තාම හරියටම සෙට් වුණේ නෑ.හිමීට හොයල බලලා එකකට සෙට් වෙනවා.

අපේ බෝඩිම ගැනත් කියල ඉන්න එපැයි!බෝඩිම තියෙන්නේ කැම්පස් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර දුරින්.පයින් යන්න විනාඩි 10ක් 15ක් විතර යනවා.ඒ වුණාට පොට් එක සිරා!හරිම නිදහස්.සමහරුන්ගේ බෝඩින්වලට සාපේක්ෂව දිව්‍ය ලෝකයක් වගේ.නිදාගන්න කාමරේ වෙනමයි,පාඩම් කරන්න වෙනම ලොකු කාමරේකුයි,කෑම බීම තියන්න පොඩි පැන්ට්‍රි එකකුයි , bathroom එකකුයි තියෙනවා.

මෙතනට සෙට් වෙලා ඉන්නේ අපේම ඉස්කෝලේ 4 දෙනෙක්.කශ්ටිය මෙහෙමයි ; සනුක , ගම්පහ පොරක් , කවීන් - මෑනුත් ගම්පහ , නුවන් හෙවත් අලයා - වැලිමඩ බුවෙක් සහ මම!

අපේම උඩ තට්ටුවේ ඉන්නවා අපේ ඉස්කෝලෙම 9 දෙනෙක්.ඒක තනිකර ගෙයක්ම වගේ තමයි.නිදාගන්න කාමර 3යි , පැන්ට්‍රි දෙකයි , පාඩම් කරන කාමර දෙකයි , bathroom දෙකයි.

ඉතින් ඔක්කොම එකතු කලාම අපේම ඉස්කෝලේ 13 ක් සෙට් වෙලා ඉන්නව එකම තැන!ඒ නිසා මේක දැන් Royal බෝඩිම බවට පත්වෙලා :))

 ම්ම්...දැනට මේ මදැයි.හිමීට ලියන්නම්කෝ තව විස්තර.එහෙනන් මම කැපුනා.

[ මම ගෙදර එන්නේ සති අන්තේ නිසා ජංජාලේ සැරිසරන්න වෙලාවක් නෑ.ඒ නිසා අනිත් අයගේ ලිපි කියවන්න විදියකුත් නෑ.ඒකට සමා අවසර.Laptop එකකුයි internet connection එකකුයි සෙට් කරගත්තාම බෝඩිමේ ඉඳන්ම සෙට් වෙන්න බැරියෑ!!හැබැයි ඒකට කල් යයි මොකද ඒකට මුදල් ප්‍රතිපාදන එපැයි!!!:((( ]

22 comments:

  1. බුදු මචන්... දේශපාලනේට සෙට් වෙලා හොද මොළයක් විනාස කරගන්නෙ නැතුව ඇටකටු ටික ඔහොමම තියාගෙන වියත් උගතෙක් වෙලා සමාජෙට වරෙන්... මේ බොක්කෙන් කියන්නෙ..

    ReplyDelete
  2. සිරාවටම ස්තුතියි උපදෙසට අයියේ.බයවෙන්න කිසිම කාරියක් නෑ අයියේ!මොරටුව කැම්පස් එකේ දේශපාලනේ "බිංදුවයි"!!අනිත් කැම්පස් වල කශ්ටිය දේශපාලනේ වෙනුවෙන් වැය කරන වටිනා කාලය අපේ කැම්පස් එකේ ක්‍රීඩා වලටයි,වටිනා වැදගත් සංගම් වලටයි තමයි යෙදවෙන්නේ.

    ReplyDelete
  3. දේශපාලනේ නැති තැනක් හොයනවා කියන්නේ අර නොමළ ගේක අබ හෙවිල්ලක්....ඡන්දේ දාන අයිතියයි...ඡන්දේ ඉල්ලන අයිතියයි තියෙනවා නම් දේශපාලනේ කොළාම මොකක්ද තියෙන වැරැද්ද?..ඇයි කැම්පස් යන්නේ බබ්බුද?...උන්ට තේරෙන්නේ නැත්ත්ද?..උන් කලයුත්තේ හැමදේකටම කටපියාන ඉඳලා උපාදිය අරන් ගෙදර යන එකද?..දේශපාලනේ කිරිල්ලේ ඇති වැරැද්දක් නෑ....ඕක අපේ සමාජයේ තියෙන මෝඩ මතවාදයක්.....වැරැද්ද තියෙන්නේ හැඟීම් වලට වාල් වෙන එකයි.....මොළය පාවිච්චි නොකර...සමහර විට මම වැරදි ඇති...මේක මගේ මතය....ඒ කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ජීවිතයට සුබ පතනවා..:D...

    ReplyDelete
  4. baya wela makalaa... chaater

    ReplyDelete
  5. @ Shadow/හේමලයා - දේශපාලනේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ එක එකා මරාගන්න දේශපාලනේ නෑ කියලයි!තමන්ගේ ස්වාධීන අදහස් වලට වැට බැඳීමක් වෙන්නේ නෑ.ඒ නිසා මෙතන වරදක් මම දකින්නේ නෑ,ඕනෑම කෙනෙක්ට බුද්ධිමය සංවාදයකට යන්න තියෙන අයිතිය සූරාකෑමක් වෙලා නෑනේ.

    අනික මෙතනට එන එවුන්ට දෙන අධ්‍යයන වැඩ ටිකවත් කරගන්න වෙලාවක් නෑ.ඒ නිසා පාරේ බැහැල දේශපාලනේ කරන්න ගියොත් , "උපාධි රහිත" + "රැකියා විරහිත" තමයි!

    ReplyDelete
  6. @ hero - :)) මෙතන මම හරියටම කිලෝමීටර් එකක් කියලත් නෑ,හරිටයටම විනාඩි 5ක් කියලත් නෑ.ඉතින් ඔබතුමා කොහොමද ගනන් හදල පෙන්නන්නෙ?විනාඩි 5ක් කිව්වට 6ක්,7ක් වෙන්නත් පුලුවන්,කිලෝමීටර් එකක් කිව්වට ඒක මීටර් 700ක් වෙන්නත් පුලුවනි.

    ඔබතුමාගේ ඉහල කමෙන්ට් එකේ කුණුහරුපේ ඉවත් කරගන්නවද?මේක කුණුහරුප ලියන තැනක් නෙවෙයි.මානසික අසහනය පිට කරන්න මෙතන දඟලන්න එපා කියල ඉල්ලනව.ඒකයි මැකුවේ.

    ReplyDelete
  7. එල කිරි අයියෙ....ඔය තියෙන්නෙ...අහද්දි ආසාවෙ බෑ :D

    කැම්පස් ජීවිතේට බොක්කෙන්ම සුබ පැතුම්

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අළුත් ජීවිතයට සුභ පතනවා මල්ලී, pre-aca කාලේ ෆුල් ෆන් එකේ ඉන්න, පහු පහු වෙනකොට ඔක්කොම කොහු කොහු වෙන්න ගන්නවා :D

    ReplyDelete
  10. මචං වහුපැටියා ඇඬුවොත්ලු නෙව කිරි එරෙන්නේ...ඒ වාගෙ තමයි...සමහර වෙලාවට සමහර දේට පාරට බහින එක හැර විකල්පයක් නෑ.....කැම්පස් එකේ මොකක් හරි අවුලකට පාරට බැස්සගන් මිනිස්සු හිතන්නේ කාට හරි කඩේ යනවා කියලා...ඔය කැම්පස් එකේ කවදාවතම ගහ මරා ගන්නේ නැත්ද?...මම අහන්නේ දේශපාලනය ගැන විතරක් නෙමෙයිනෙ මත තියෙන්නේ....
    මූලිකම පහසුකම් ටිකට කෙල වෙද්දී..සංවර්ධනයට එන සල්ලි වලට කෙල වෙද්දි...කට පියාගෙන අහක බලාන ඉන්න පුලුවන් උනුත් ඉන්නවා...බැරීඋනුත් ඉන්නවා...නමුත් ඒක හරිද ..ඒකට විරුද්ධවෙන එක හරිද කියලනම් මම විනිශ්චයක් දෙන්න යන්නේ නෑ...

    ReplyDelete
  11. මලේ සුබ පතනවා උබට... හොඳට වැඩ ටික කරගෙන මලකුත් පුලුවන්නම් නෙලා ගෙන ( දැනටම මලක් සිටී නම් ගැත්තාට අනුකම්පා කරත්වා හික් හික් ) අර මුලින්ම කොමෙන්ට් එකේ හා හේමලය කීව වගේ ඔලුවෙන් වැඩ ටික කරගනින්...

    ජය. අපිවත් ඉදල හිටල හරි බලන්න වරෙන් හි හි

    ReplyDelete
  12. ඔය යන්නේ අපේ යාළුවාගේ කැම්පස් ජීවිතේ එළකිරි වගේ. ඔහොම යන් ඔහොම යන් බොස්. අපෙන් සුභ පැතුම් :)

    ReplyDelete
  13. @ හෙළයා - :)

    @ Hasitha ජයසූරිය - ස්තුතියි මල්ලියෝ!මේ පැත්තේ එමුකෝ හිමීට වැඩ ටික ගොඩ දාගෙන! :)

    @ ඉශාන් තිළිණ - ස්තුතියි අයියේ!කතාවනම් ඇත්ත,senior සෙට් එක කන කට්ට අපිටත් කන්න වෙනව ලඟදිම ඇක පටන් ගත්තාම.

    ReplyDelete
  14. @ Shadow/හේමලයා - පැහැදිලි ඇත්ත!ඒත් අයිතිවාසිකම් දිනන්න හැමවෙලාවෙම පාරට බහින්න උවමනා නෑ!ඊට වඩා ක්‍රම තියෙනව නේද?අනිත් දේ තමයි,ඉහල පෙළේ දේශපාලකයෝ සමාජය ඉස්සරහ ගහ මරා ගත්තාට,ඒ අයගේ සමාජය වෙනම ලෝකයක්!කරට අත දාගෙන හවසට බියර් එකක් තොලගානවා අර කා කොටා ගත්තු උන්ම එකතු වෙලා!ඕක දන්නේ බොහෝම පොඩි දෙනයි,උන් හැමෝම එකතුවෙලා බෙදා හදාගෙන සල්ලි ගසාකනකොට,බොරුවට අහිංසක මිනිස්සුන්ව පාරට බස්සල ලෝකයාට පේන්න උද්ඝෝෂන කරවනවා.ඒකද හරි දේශපාලන සංස්කෘතිය කියලා මමනං දන්නෙ නෑ!ඒත් මට හිතෙනව ලංකාවේ දේශපාලනේ "බල්ලට" ගිහින් කියලා.එතනට යන්න කකුල් දෙකක් මදි,හතරක් ඕනි!අනික අර කිව්වත් වගේ,කිරි එරෙනකන්ම උම්බෑ කියන්නත් ඕනි!

    ReplyDelete
  15. @ පිස්සා පලාමල්ල - ස්තුතියි අයියේ! මඟුලක් නං ඕනිම නෑ.12 වසරෙදිමයි කරගත්තේ :) මෙතනට ගියානන් ඒ ගැන විස්තර ටිකාක් තියේවි.අදාල පුද්ගලිත් කමෙන්ට් කරලා ඇති ;) http://kathapotha.blogspot.com/2010/06/blog-post_20.html

    අනිවා,බ්ලොග් ලිවිල්ල අමතක කරන්නේ නෑ සහෝ!

    @ Hasitha - හික්ස්....ස්තුතියි මචෝ!ඔන්න උඹේ බ්ලොග් එක පැත්තේ ආවේ නෑ කියල අමනාප වෙන්න එපා.බෝඩිමට computer එකක් නෑ තාම.:(((සති අන්තේ ආවම ඇවිත් යනවනේ!:))

    ReplyDelete
  16. මගේ අතීතය මතක්වුනා මල්ලී !. මම නං කම්මලට යන කොට කොම්පියුටරයක් සියැසින් දැකල තිබුනේ නෑ !. එහෙ තිබුනෙ කාමරයක් පුරවපු IBM1130 කියල කොම්පුයුටරයක් සමග Commodore64 කීපයක් විතරයි. එදයි අදයි අතර තියන එකම සමාන කම තමයිනොනවතින campus අරගලය !

    ReplyDelete
  17. කිසි ප්‍රශ්නයක් නැහැ ලොක්කා. අපි හැමදේම අපිට පුලු පුලුවන් විදිහටනේ කරන්න ඕනේ.

    සති අන්තෙට හරි අපි සිංහල සයිබර් අවකාශේ වලක් බහින්න සෙට් වෙමු. ගැටළුවක් නැහැ.

    ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ :))

    ReplyDelete
  18. පට්ට පට්ට්.....ඔන්න මමත් බොක්කෙන්ම උඹේ කැම්පස් ජීවිතයටයි සාමාන්‍ය ජීවිතයටයි දෙකටම සුභ පතනවා.....
    මේ නරකද ලැපකටයි නෙට්වලටයි ප්‍රතිපාදන සපයා ගන්න කැම්පෙන් එකක් කලොත්...??? ;-)

    ReplyDelete
  19. එල එල, විශ්ව විද්‍යාල ජීවිතයට සුභ පැතුම්!!!
    උපාධි අපේක්‍ෂකයන්ට ජය වේවා...

    ඒක නෙමෙයි, කැම්පස් එකේ තියෙන පරිගනක විද්‍යාගාර පාවිච්චි කරන්න බැරිද. මොරටුව කිව්වම ඉතින් IT වලට ප්‍රසිද්ධයි නේ :D

    ReplyDelete
  20. @ Hasitha - අනිවා.මෙන්න අදම වලට සෙට්!

    @ ෴ හසියා ෴ - ස්තුතියි! කැම්පේන් එකක් කරන්න වෙයි වගේ යන විදියට!!! :))

    @ කොඩී - ජයෙන් ජය!! අපි තාම නවකයොනේ.විද්‍යාගාර භාවිතය ටිකාක් සීමා සහිතයි.ඒත් ඉතින් අපි දැන් ටික ටික පුරුදු වෙනවා! ;))

    ReplyDelete
  21. ජොලි කෝටියේ පරිසමින් හිටපන් මචෝ

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D