Saturday, July 10, 2010

කැම්පස් ජීවිතේ කෙමෙන් කෙමෙන් ජොලි බර වේ! [ කැම්පස් සටහන් 2 ]

ඔන්න ඉතින් මමත් ගිය සතියේ හෙවත් ජුනි 29 වෙනිදා හා හා පුරා කියලා ලංකාවේ කැම්පස් එකකට ගොඩ උනා නොවෑ!වැස්සකට නං නෙවෙයි ඕං!:) ඉගෙන ගන්ට කියලා!

පහුගිය පෝස්ට් එක ලියද්දී මම ටිකක් මෝල් වෙලා හිටියට මේ පාරනං කියන්න තියෙන්නේ කැම්පස් ජීවිතේ ලස්සන වේගෙන එනවා කියලයි.

අපිට තාමත් අධ්‍යයන කටයුතු පටන් අරගත්තේ නෑ.දැන් තියෙන්නේ pre-academic හෙවත් "පෙර අධ්‍යයන" සමයක්.[තේරෙන බාසාවෙන් කිව්වොත් අයිස් ගහන කාලයක් :) ]

ඔය කාලේදි ඉතින් අපිට තියෙන්නේ ඉංග්‍රීසියි , පුස්තකාලේ භාවිතා කරන විදිය ගැනයි , ගණිත ඉතිහාසය වගේ මූලික දේවල් කීපයක් විතරයි.ඒ වගේම මේ කාලේදි තමයි අපිට අපේ බැච් එකේ අළුත් යාලුවෝ එහෙම අඳුනගන්න , කතාබහ කරන්න තියෙන හොඳම කාලේ.මොකද මේ දවස්වල විතරයි අපේ බැච් එක , අනිත් පරන බැච් වලින් වෙන්කරලා අඳුනගන්න පුළුවන් වෙන්නේ.හේතුව අපි dress-code පිටින් යන්නේ මුල් මාස කීපය විතරක් නිසා. [ ඒ කිව්වේ පිරිමි ලමයි කළු සපත්තු දාලා,කොට්න් කලිසන් ඇඳලා , කමිස ඇඳලා , යටකරලා සහ ගෑණු ලමයි සාය හැට්ට ඇඳලා පිලිවෙලකට යෑම. ]

මේ මුල් මාස ටික ගතවුණාට පස්සේ අපිත් අනිත් බැච් වගේම ඩෙනිමක් ගහලා , ටී ශර්ට් එකක් ඇඳගෙන කැම්පස් යන්න පටන් ගනීවි.එතකොට අපේ බැච් එකේ අය කවුද කියලා හොයාගන්නවත් හම්බවෙන්නේ නෑ.

ඉතින් අපි මේ දවස්වල ගොඩාක් යාලුවෝ අඳුනගත්තා.රටේ හතර දික්භාගෙන්ම යාලුවෝ හම්බවුණා.තවමත් අඳුනාගනිමින් පවතිනවා.

දැන් දැන් අපිට කැම්පස් එකේ පරිසරයත් හුරුවෙලා.මුල් දවස්වල යන එන තැන් හොයාගන්න බැරුව හිටිය අපි දැන් කැම්පස් එකේ තැන් තැන්වල පිහිටීම ගැනත් ටික ටික හුරුවෙලා.ඒ වගේමයි කෑමත්!මුල් දවස්වල සමහරුන්ට කැම්පස් එකේ කෑම ඇල්ලුවේ නෑ![අපිටනං ඉතින් කොහේ කෑමත් අල්ලලා යනවනේ :)]දැන් වෙනකොට ඒ අවුලුත් සෑහෙන්න දුරට විසඳිලා.

ක්‍රීඩා කටයුතු වගේම සංගම්වල කටයුතුත් ලබන සතියේ පටන් ගන්නවා.එතකොට තව අලුත් දේවල් ගොඩාක් දැනගන්න , ඉගෙනගන්න හම්බවේවී.හැබැයි අධ්‍යයන කටයුතු පටන් ගත්තාමනං සෑහෙන්න වැඩ තියේවි.ඒකට ඉතින් තව සති 6ක්ම තියෙනවනේ :)) එතකං අපි ජොලියෙන් කල් ගෙවනවා.

ආහ්!තව පොඩ්ඩෙන් අමතක වෙනවා! ගෙදර ඉඳන් කැම්පස් යන්න අමාරු නිසා මම තව යාලුවෝ 3 දෙනෙක් එක්ක බෝඩ් වුණා.බෝඩිම ගැනයි , අපේ බෝඩිමේ කශ්ටිය ගැනයි ඊලඟ ලිපියෙන් ලියන්නම්කෝ!

17 comments:

  1. අනේ වාසනවාන් , හොඳින් ඉගෙනගනින් අයියේ , ජය !!!

    ReplyDelete
  2. එල එල. පටන් ගත්තා වූ කැම්පස් දිවිය උපාධියෙන් ම කෙලවර වේවා!!!

    ReplyDelete
  3. එල එල සුබ පැතුම්.

    ReplyDelete
  4. පට්ට අයියෙ...හොදටම ඉගෙන ගනින්....අයියට සුබ පතනවා....අර බෝඩින් ස්ටෝරියත් අමුනල කරල ලියල දාන්න

    ඒක නෙමේ බෝඩිමේ 3 දෙනා 3 ඉඩියට්ස් ල නෙමේ නේ ;)

    ReplyDelete
  5. මල්ලියේ, පෙනේරෙ හිලෙන් හැලිච්ච උඹ සැබෑම වාසනවන්තයි . . . . ! හැබෝටම ඔය වාසනාව නැහැ මල්ලියේ . . . ! හොඳින් ඉගෙන ගනින් . . . දේශපාලනයට, වර්ජන වලට උඹව අදින්න හදන එවුන්ගෙන් පරිස්සම් වෙයන් . . . ! උඹේ අම්මයි තාත්තයි උඹව ඔතැනට ගේන්න හොඳ කට්ටක් කන්න ඇති . . . . ! ෆස්ට් ක්ලාස්ස් එකක් ගහගෙන එළියට වරෙන් ! උඹට ජය !

    ReplyDelete
  6. ජය පතනවා මල්ලි... මටත් අද ඊයෙ වගෙ.. ඩ්‍රෙස්කොඩ් එක ඇඳගෙන ඔය ගෙට්ටුව ලඟ ඉන්න කලු මහත ස්කැනර් එක පාස් කරගෙන කැම්පස් එක ඇතුලට ගිය මතක් වෙනවා... හරිම සුන්ඳරයි.

    ReplyDelete
  7. දූමී අයියා, සම්පූර්ණයෙන් එකඟයි!

    ReplyDelete
  8. good post,lets stand aginst those who tarnish buddism , make a comment
    http://lanka1-answers.blogspot.com/
    බුදුදහමට නිගා කරන අයට නිසි පිළිතුරු ලබා දෙමු , ඔබේ අදහස් මෙහි පල කරන්න

    ReplyDelete
  9. @ හිඟන්නා - ස්තුතියි මලයෝ!

    @ Shadow/හේමලයා - Thanks friend.

    @ කොඩී - හික්ස්...එසේම වේවී සහෝ :)

    @ හෙළයා - ස්තුතියි සහෝ!

    @ Hasitha ජයසූරිය - ස්තුතියි සුභ පැතුමට සහෝ! නෑනේ මල්ලියෝ,මාත් එක්ක 4ක්නේ! ඒ නිසා 4 idiotz!! :)

    ReplyDelete
  10. @ දුමී - ස්තුතියි අයියේ! අපේ කැම්පස් එකේ වර්ජන , දේශපාලන කටයුතු බිංදුවයි! ඒ නිසා ඒව ගැන කිසිම බයක් නෑ.මොරටුවේ තියෙන ගොඩාක් "හොඳ" වලින් මම කැමතිම "හොඳ" ඒක!

    @ රවා - හහ් හා....සිරා නේද ඒ කාලේ!කියල වැඩක් නෑ!ජොලි බරයි , සොමි බරයි!අපි මේ දවස්වල ඒ සොමිය හැබැහින් අත්විඳිනවා!

    @ වැම්පයර් - ඇත්ත කතාවක්!

    ReplyDelete
  11. දිනන්නට සුභ පැතුම්... ඔන්න එනවා ආතල්ම කාලේ.. බෝඩින් ජීවිතේ.. අයියෝ.. මතක් වෙනකොටත් හිතට එන්නෙ පට්ට ෆන් එකක්

    ReplyDelete
  12. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ - ස්තුතියි සහෝ! හික්ස්...කියලා වැඩක් නෑ,බෝඩින් ජීවිතේ ෆන් කෝටියයි! :)

    ReplyDelete
  13. දුමිය කියපු කතාව තමා කියන්න තියෙන්නේ මලේ... ඔය දේශපාලුවන්ට කඩේ යන සංගම් වල අතකොලුවක් නොවී හොඳට ගිය වැඩේ කර ගනින්.

    ජය පතනවා,

    ReplyDelete
  14. @ පිස්සා පලාමල්ල - මොරටුවේ දේශපාලනය බිංදුවයි!ඒ නිසා ඒ ගැන කොහොමවත් බයක් නෑ අයියේ! ස්තුතියි සුබ පැතුමට!

    ReplyDelete
  15. ලංකාව පුරාම ඉන්න කට්ටිය එක්ක සෙට් වෙලා පාත්තියක් දාගත්තා නම් වැඩේ ගොඩ... :)

    ReplyDelete
  16. හසිත අයියා ඒ වැඩේ මරුනෙ.. මොකඩ කියන්නෙ පටන් ගම්මුද???


    ජංජාල මචෝ... සුභ පැතුම් බොක්කෙන්ම හොදේ..!!!

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D