Saturday, May 15, 2010

මන්ත්‍රීතුමනි , දැන්වත් ක්‍රිකට් වලින් ඉවත් වෙමු ද?

        ක්‍රිකට් කියන්නේ ලංකාවෙ අපි අතර ජනප්‍රියම ක්‍රීඩාව කිව්වොත් කවුරු වුනත් පිලිගනීවි.අපි වුණත් ඉතිං පොඩි කාලේ ඉඳන්ම කරපු සෙල්ලමක්නෙ මේ ක්‍රිකට්.දැන් වුණත් මැච් එකක් තියෙන දවසකට බාල ,මහළු කියල භේදයක් නැතුව අනිත් වැඩ ඔක්කොම අමතක කරල දාල හැමෝම වගේ මුල්තැන දෙන්නේ මැච් එකට නොවැ.ඒකෙන්ම තෙරෙනව ක්‍රිකට් අපේ ඇට මිදුළු වලටම කාවැදිලා කියලා.

      ඒකට හේතු ගොඩාක් තියෙනවා.මෙතෙක් අපේ ක්‍රීඩා ඉතිහාසයේ අපි රටක් විදියට අපේ නම මුළු ලෝකටම අරං ගියේ මේ ක්‍රිකට් ක්‍රීඩාව වීම තමයි ඒවයිං ප්‍රධානම කාරණාව.මොකද අපේ රටේ කොතරම් ක්‍රීඩා තිබුණත් ලෝක මට්ටමෙන් ජයග්‍රහණ වැඩිපුරම අරං තියෙන්නේ මේ ක්‍රිකට් හරහා.ඒකෙ උච්චතම අවස්ථාව තමයි 1996 ලාංකීය ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම.

      කොහොමිං කොහොම වුණත් එදා 1996 අපේ ටීම් එක ලෝක කුසලානේ දිනාගනිද්දී ,ඔය ටීම් එකේ හිටියා එතෙක් මෙතෙක් තුර ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසෙට අළුත් පරිච්ඡේදයක් එකතු කරපු අරුම පුදුම ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලුණු දෙන්නෙක්.ඒ වෙන කවුරුත් නෙවෙයි,සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ කියන අපේ වීරයෝ දෙන්නා.මේ දෙන්නා එකතු වෙලා අනිත් රටවල් වල පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්නු හැටි හැමෝටම මතකයිනේ!!!!( මටත් ටිකාක් මතකයි.අපි ඉතිං ඒ දවස් වල පොඩි උං නොවැ!!! )

    1996 ලෝක කුසලානෙං පස්සෙ මුළු ක්‍රිකට් ලෝකම මේ අපූරු පිතිකරු යුගලය , සනත් සහ කළු ගැන කතා බහ කලා.මෙහෙම පටං ගත්තු සනත් කළු සුසංයෝගය වසර කීපයක් යනකංම ඉතාම සාර්ථක වුනා. ඒත් පසු කාලීනව (  2004 දී ) කළු ට කණ්ඩායමෙන් ඉවත්වුනා ඔහුගේ පිතිකරණ රිද්මය නැතිව ගිය නිසා.නමුත් මතක් කල යුතුයි ඔහු ඉවත් වුනේ බොහෝම ගෞරවාන්විතව ,සිය කැමැත්තෙනුයි.මොකද ඔහු වටහා ගත්තා තමන්ගේ කාලය අවසන් බවත්,නවකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බවත්.

        ඔය අතරේ ඔහුගේ සගයා , සනත් දිගින් දිගටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලා.කිහිප වරක්ම නිසි රිද්මයේ නොසිටීම නිසා කිහිප වරක්ම කණ්ඩායමෙන් එලියට විසි වුණත් , ආපහු තමන්ගේ ස්ථානය ලබාගන්න සනත් ට පුළුවං වුණා.හැබැයි ඒ හැම වතාවකම සනත් ලෝකට ඔප්පු කලා තමං තවමත් මේ ක්‍රීඩවට සුදුසු මානසික හා කායික යෝග්‍යතාවක ඉන්නවා කියලා සහ නැවත සුපුරුදු දස්කම් අතරට ඇවිත් මුලු ක්‍රිකට් ලෝකටම පෙන්නුවා තමංට තවමත් හොඳ පිතිකරණ හැකියාවක් තියෙනවා කියලා.

     නමුත් පසුගිය නිමාවුණු T-20 ලෝක කුසලානයේදි ඔහු පෙන්වපු දස්කම කිසි සේත්ම අනුමත කළ නොහැකි මට්ටමේ තමයි පැවතුණේ.මුලු තරඟාවලිය තුලදීම ඔහු ලබාගත්තේ ලකුණු 15 ක් පමණයි.කඩුළු ලබාගත්තේ එකක් පමණයි.මය කිසිසේත් හොඳ දස්කමක් නෙවෙයි.මේ දුර්වලතාව නිසා සනත්ට ආදරේ කරපු ප්‍රේක්ෂකයෝ සහ ක්‍රිකට් විචාරකයෝ පවා කියන්නේ සනත් ගේ වසර 20 ක ක්‍රිකට් දිවියේ අවසානය වෙත ඔහු ලඟා වී ඇති බවයි.

       නමුත් සනත් පවසන අන්දමට ඔහු 2011 පන්දු වාර 50 ලෝක කුසාලනය තෙක් රැඳී ඉන්නවාලු.එය ඔහුගේ අරමුණයි.නමුත් මෙම තත්වයත් එක්ක සනත් ගැන අපේ හිතේ තිබුනු ගෞරවය පවා ටිකෙන් ටික අඩු වෙමින් පවතිනව කියන එක නොරහසක්.බහුතරයකුගේ මතය ඔහු ක්‍රිකට් වලින් සමුගෙන නවකයෙකුට අවස්ථාව ලබා දිය යුතුයි කියන එකයි.මේකට තවත් හේතුවක් වෙලා තියෙන්නේ සනත් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ රජයේ මන්ත්‍රීවරයෙකු විදියට පත් වෙලා තිබීමත් , මේ නිසා ඔහු කාර්ය බහුල වීමෙන් ක්‍රිකට් කෙරෙහි තිබුණු උනන්දුව අඩු වෙලාදෝ කියන සැකය මහජනතාවගෙ හිත් වල ඇති වෙලා තියෙන නිසයි.

   කෙසේ වුණත් පැහැදිලිව පෙනෙන යථාර්තය නං සනත් ට දැං පෙර පරිදි දස්කම් පාන්න බැහැ කියන එකයි.මේ නිසා ඔහු විසින් කළ යුතු හොඳම දේ ක්‍රිකට් වලට සමු දීලා , නවක ක්‍රීඩකයකුට අවස්ථාව දීම බවයි මගේත් පෞද්ගලික අදහස.හැබැයි අමතක කරන්න එපා සනත් කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්.අපේ රට ලෝකේ ඉස්සරහා, දැවැන්ත රටක් කරන්න සක්‍රීයව දායක වුණ පුද්ගලයෙක්.

    ඒ නිසා අපි ඔහුගෙං ගෞරවයෙන් ඉල්ලමු ,  " ආදරණීය සනත් මන්ත්‍රීතුමනි , දැන්වත් ක්‍රිකට් වලින් ඉවත් වෙමු ද? " කියලා.

මොකක්ද මේ ගැන ඔබේ අදහස???

-----------------------------------------------------------------------------------------------------------

සනත්ගේ ක්‍රිකට් දස්කම් : මෙතන කොටන්න
කළුගේ ක්‍රිකට් දස්කම් : මෙතන කොටන්න

8 comments:

  1. මමත් ඕක කලින් කියලා තියෙනවා..

    ReplyDelete
  2. හැමෝම දැන් මේක ජප කරනවා!!!! :) සනත් නමත් තියං අයිං නොවුනොත් කරපු දෙවලුත් අමතක වෙයි මිනිස්සුන්ට

    ReplyDelete
  3. මම කියන්නේ ...
    තව අවස්ථාවක් දෙන එක හොඳයි ...
    මම නම් කියන්නේ තව හිටියට අව්ලක් එන එකක් නෑ...
    මම හිතන්නේ මුලදි අඩු ලකුණු වලට දැවී ගිය නිසා මානසිකව වැටෙන්න ඇති ..
    ඒකට බනින එක වැරදියි ..
    අපි බලමු ඉස්සරහට ....

    ReplyDelete
  4. ඉස්සර ඔහොම අසාර්ථක වුනාට ,පස්සෙ ආපහු සාර්ථක වෙච්චි අවස්ථා තිබුනා.ඒත් දැන් සනත් ට බලං ඉන්න කාලයක් නැහැ.නවකයෙක් ස්ථාවර කරන්න වෙනව සනත් ගේ තැනට 2011 ලෝක කුසලානෙට කලිං.

    ReplyDelete
  5. ඇඩම් ගිල්ක්‍රිස්ට් එහෙම හොඳින් ක්‍රීඩා කරන්ට තවම පුලුවන් කම තියෙද්දිත් කන්ඩායමෙන් අයින් වුනා. ඇයි සනත්ට අයින් වෙන්න බැරි.

    ReplyDelete
  6. පැහැදිලිවම.ගිල්ක්‍රිස්ට්,හේඩ්න්,බොන්ඩ් වගෙ ක්‍රීඩකයෝ අයිං වුනේ සහ වෙන්නේ තමංගේ නමත්,දක්ෂතාවයත් උපරිමයේ තියෙද්දී.ඒකයි මහත්මා ගුණය

    ReplyDelete
  7. සනත් ගැන එක එක පත්තරවල තියන එක එක කතා බලන කියවන වෙලාවයි මේ

    http://www.divaina.com/2010/05/23/sports.html

    ReplyDelete
  8. කතාව ඇත්ත.දැං සනත්ව දුං ගහලවත් එලවගන්න බෑ

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D