Wednesday, May 12, 2010

මම බලං ඉන්නවා , තාමත් ….

~~~~~~~~මම බලං ඉන්නවා , තාමත් …. ~~~~~~~~

ඔයා එනකං බලං ඉඳලා
ඇස් දෙක රිදෙනවා
තෙහෙට්ටුයි
මහන්සියි

ඒත්

තවමත් බලං ඉන්නවා
පරණ , පුරුදු
ආදරෙත් අරගෙන
ඔයා එනකං…..

හුරතල් කතාවක් කියන්න,
මාව හිනස්සන්න,
මගේ දුක නැති කරන්න,
එන්න ආපහු
මගේ පාළු ලෝකෙට…..

එනව නේද ඔයා ?

මම බලං ඉන්නවා
තාමත්….

11 comments:

  1. හ්ම්. එයා එන්නෙ නෑ කියල දැන දැනත් බලාගෙන ඉන්න හිතෙනවා නේද? මටත් එහෙමයි. ඒත් දන්නවා එන්නෙ නෑ කියල..

    ReplyDelete
  2. නුබෙ ඇස්වල
    කදුලු වියලා
    මුවෙ සිනහ මල්
    වපුරා.....
    නෙතලග හුරතල් වෙනදා.....
    ඇත නොවේ ලගලගම්යි.....

    ReplyDelete
  3. විහඟි වෙත - මගේ වර්තමාන පෞද්ගලික අත්දැකීමක් නොවුණත් , මටත් මේ පාළුව දැනිලා තියෙනවා,ගොඩාක් ඉස්සර....ඒ හිංදා දන්නවා , කොච්චර දුකක්ද දැනෙන්නේ කියලා....හැබැයි සමහරවිට , ඔයා බලං ඉන්න හින්දාම එයා ආපහු එන්නත් ඉඩ තියෙනවා....

    ඉලංදාරියා වෙත - බලං ඉන්න හැමෝටම නෙවෙයි වුනත් , ඔය කියන ළඟ ළඟම එන සතුට සමහරුන්ට දැනෙනවා ඇති

    ReplyDelete
  4. සමහර විට එයා එයි.. සමහරවිට නෑවිත් ඉදියි....

    ReplyDelete
  5. හ්ම්..මගේ ජීවිතේටනං එයා ආවා...හැමදාමත් ඉඳියි....ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  6. මේ තියෙන්නේ කොල්ලා ලියපු කවි. එල එල මචෝ

    ReplyDelete
  7. හික්ස්....කවි ලියන්න ඉගෙනගත්තේ ආදරේ කරද්දියි.සෑහෙන්න තියෙනවා ලියපුවා,හිමීට දාන්නංකෝ :)

    ReplyDelete
  8. මේක නම් මටමද කොහෙද ලියල තියෙන්නේ.....කොහොම වුනත් හිතට දැනුනු කවියක්....

    ReplyDelete
  9. ස්තුතියි සහෝ ප්‍රතිචාරයට..උඹට මේක දැන් ගැලපුණාට තව ටික දොහකින් කවුරුහරි උඹව හොයාගෙන ආවම ඔක්කොම සුන්!!!! :)

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D