
පසු කාලීනව අපිට නිදහස හම්බුණා.( 1948 ) ඊට පසුව කොලඹ තවදුරටත් රටේ ආර්ථික මර්මස්ථානය විදියට දියුණු වුණා.හැබැයි තවදුරටත් ඒක සිද්ධ වුනේ සුද්දා යටතේ නම් නෙවෙයි.ශ්‍රී ලාංකිකයෝ යටතෙයි.ඔන්න ඔතෙනදි පොඩි පුරස්නයක් ආවා.මොකක්ද ඒ ?
සුද්දට තිබ්බ තරම් සැලැස්මක් අපේ ,මිනිස්සුන්ට තිබුණේ නැහැ.අපේ අය මූලිකත්වය දුන්නේ පිටින් පේන,ගොඩනැගිලි සහ පාරවල් හදන්න විතරයි.ඒත් නගරයක මූලික අංගයක් වෙන ජලාපවහන පද්ධතිය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්න පෙලඹුනේ නැහැ.එක්කෝ අමතක වුණා නැත්තං ඕන කමින්ම අමතක කලා.කොහොමින් කොහොම වුණත් අපි අද මේ අත්විඳින කොලොම්පුර සුන්දර ගංවතුර ඇතිවෙන්න , එහෙම අමතක කරපු ජලාපවහන පද්ධතිය තමයි මූලික වුණේ.
නිසි කලමනාකරණයක් නැතුව ඉඩ තියෙන හැම තැනකම ගොඩනැගිලි හදලා , වතුර බහින්න හදපු කාණු ගොඩ කරලා ඒව උඩත් පැල්පතක් හරි අටවගන්න දඟලපු අපේ උදවිය තමයි මේ සුන්දරත්වය නිර්මාණය කලේ.
අනිත් කාරණේ තමයි කිසිම පිලිවෙලකින් තොරවූ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ලාංකීය පුරුද්ද.කාපු තැනම බත් කොලේ විසි කරන,පොලිතීන් මළු දාලා කාණු පද්ධතිය වතුර ගලා නොයන , එහෙත් ලස්සන කුණු ගොඩක් බවට හරවාගත්තු අපේ උදවියට දැන් පුළුවනි සතුටු වෙන්න තමන්ගේ වැඩ කිඩ වල ප්‍රතිඵල දැකලා.
ඉතිං ඔන්න ඔහොමයි අපේ රටේ ආර්ථික අගනගරය , සුන්දර ගංවතුරෙන් යටවෙන්න කරුණු කාරනා මූලික වුනේ.
දැන් මොකද කරන්නේ??
රජයට සෑහෙන වගකීමක් තියෙනවා නිසි කලමනාකරණයක් ඇතිව නගර සැලසුම් ක්‍රියාත්මක කිරීමට.මොකද ආසියාවේ ආශ්චර්ය බවට ලංකාව පත්කරද්දී මුලින්ම සලකා බලන්න ඕනි මේ වගේ දේවල් ගැන.මෙච්චර කල් හිටපු කිසිම ආණ්ඩුවක් කලේ නෑ කියනවට වඩා,මේ තියෙන ආණ්ඩුවෙන්වත් මේක කරමු කියන එක ප්‍රායෝගිකයි.
ඒකට පලමු පියවර ආණ්ඩුව ගිය සතියෙදි ගත්තා.ඒ තමයි පදික වෙළඳුන් ඉවත් කිරීම.මොකද ඔය කාණු වලට එන පොලිතීන් වැඩි ප්‍රමාණයක් එන්නේ වෙළඳුන් අතින්.හොඳම උදාහරණේ නුගේගොඩ ලංකා බැංකුව ඉදිරිපස තියෙන වතුර ගලා බහින කාණුව.ඕක හැමදාමත් පිරෙන්නේ එතන ඇඳුම් වෙළඳාම් කරන වෙළඳුන් ඉවත් කරන ඇඳුම් ඔතා තියෙන පොලිතීන් කවර වලින්.ඒක නිසා නුගේගොඩ හතරමං හන්දියම යට වෙනවා ( බොහෝවිට ස්ටැන්ලි තිලකරත්න මාවත හෙවත් රොටරිය පැත්තට යන පාර ) වැස්ස දවසට.මේක නිසා දුක් විඳින්නේ පාසල් යන ලමයි සහ පාරේ පයින් ගමන් කරන මිනිස්සු.ඒ නිසා කසල කලමනාකරණය සහ නීතිමය නොවන ස්ථානවල තියෙන වෙළඳාම් ඉවත් කිරීම අත්‍යාවශ්‍ය දෙයක්.
( නමුත් පදික වෙළඳුන් ඉවත් කිරීම වෙනම කතා කළ යුතු පුළුල් මාතෘකාවක්.ඒත් මේ ප්‍රශ්නෙදි ඔවුන් වැරදි කරුවන් )
රජය තමන්ගේ වගකීම් ඉටු කරද්දී , අපි සමාජයේ පුරවැසියන් විදියට අපේ යුතුකම් ඉටු කළ යුතුයි.
ඒ කොහොමද?
1) පොලිතීන් සහ අනෙකුත් අපද්‍රව්‍ය නිසිලෙස,නිසිතැන ඉවත ලෑම
( කුණු බක්කියකට දාන්න කියලයි ඔය කිව්වේ :) )
2) කාණු පද්ධතියක් අවහිර වෙලා නං ඒ ගැන වහාම අදාල ස්ථනයකට ඒ බව දැන්වීම ( මොකද වැස්සට කලිං අපි ඒවට හිනා වෙවී ගිහින්,වැස්ස දාට පාරවල් යටවුණාම දුක් විඳිනව )
ඉතිං ඔය වගේ පොඩි පොඩි දේවල් වලිං ලොකු ලොකු කරදර නවත්තගන්න පුලුවං කම තියෙද්දිනේ අපි මේ දුක් විඳින්නේ.එහෙනං මීට පස්සෙවත් මේ වැරදි හදාගමු.
රජයත් මේවට අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග ගනියි කියල අපි ප්‍රාර්ථනා කරමු.
-------------------------------------------------------------------------------------------------------------
ප.ලි. : ( මොනවා වුණත් කොලඹට ගලපු එකත් හොඳයි.නැත්තං ඔය කොලඹ 7 නෝනා මහත්වරු කවදා ගං වතුරක් දකින්නද මේ කපේ :)) )